මේ තවත් අනතුරක් ගැන ඇහෙන අවාසනාවන්ත කතාවක්…
වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලොරියක ගැටීමෙන් අද අලුයම මාරක අනතුරක් සිදුව තිබුණේ තවත් ජීවිතයක් අහිමි කරමින්.
පවුල් දෙකක සාමාජිකයන් අටදෙනෙකු ගමන් ගත් වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා.
අනතුරින් තරුණියක් ජීවිතක්ෂයට පත්වූ අතර කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු සෙසු පිරිස තුවාල ලැබුවා.
අනතුරින් දිවි අහිමි වුයේ ඕපාත වීරපාන මල්දූවගෙදර, ඉද්දකැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුෂ්පකුමාරි සඳමාලි නැමති 35 හැවිරිදි කේක් ව්‍යාපාරයක් කරන තරුණියකටයි.
ඔහුන් අනතුර සිදුවන අවස්ථාවේ ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණීමට නියමිතව තිබූ සඳමාලිගේ සහෝදරයාව රැගෙන ඒමට කටුනායක ගුවන්තොටුපොළ වෙත තවලම සිට යමින් සිටියා.
ගැලනිගම සහ කඩතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අතර කිලෝ මීටර් 9.6 දී සුපිරි වෙළෙඳසැල්වලට භාණ්ඩ බෙදා යළි කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලොරි රථයක පිටුපස වෑන් රථය ගැටී අනතුර සිදුව තිබු බවයි පොලිසිය පවසන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථය පදවා ඇත්තේ, සඳමාලි විවාහ ගිවිසගෙන සිටි තරුණයා වන අතර, ඔවුන් එළැඹෙන දෙසැම්බරයේ යුග දිවියට පිවිසීමට සිහින බලමින් සිටි යුවළක්…
Source – Hiru Gossip







