BREAKING NEWS
Search

කවුද හොරා කියලා කෑ ගහපු බඩු ටික දැන් එකම වේදිකාවේ – වසන්ත

418

විපක්ෂයේ දේශපාලන පක්ෂ කවුද හොරා කවුද හොරා කියලා කෑ ගහපු බඩු ටික දැන් එකම වේදිකාවේ සිටින බවත් ජනතාවට කියන්නේ ඇන්දෙන්න එපා බව ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ සඳහන් කරයි.

ජාතික විධායක සභික වසන්ත මුදලිගේ සඳහන් කළේ,

“නාමල් රාජපක්ෂලගේ කඳවුර රනිල් වික්‍රමසිංහලගේ කඳවුර අරගලයෙනුත් ඒ වගේම මැතිවරණයෙනුත් දෙකේදිම මේ රටේ ජනතාව පරාද කරලා ඉවරයි.

ඒ නිසා (21) මේ ජන රැළියක් හරි මොකුත් නෙවෙයි. (21) කෙඳිරියක් ඒ කෙඳිරිය සිද්ධ කරන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් නෙමෙයි. ජනතාව වෙනුවෙන් කරනවා නම්, පහුගිය කාලේ විපක්ෂයට ඕන තරම් දේවල් කරන්න තිබුණා. හැබැයි මොකද කරන්නේ.?

දැන් නාමල් රාජපක්ෂලට ඕනි නැවත කඳවුරක් හදාගන්න. අර පරාද කරපු දේශපාලන කඳවුර ෆෝම් කරගන්න ඕනේ. ඒකට විවිධ අය එකතු වෙනවා. අනේ ඉතින් ආයෙ එකතු වෙන්නෙත් ගිහිල්ලා හම්බවෙන්නේ කවුරුහරි අමුතු අය නෙමෙයි.

මේ රටේ ජනතාව හැමදාම ප්‍රතික්ෂේප කරපු එක්සත් ජාතික පක්ෂය. අනිත් පැත්තෙන් ගත්තම අනිත් දැන් විපක්ෂයෙ ඉන්න දේශපාලන පක්ෂ කවුද හොරා කවුද හොරා කියලා කෑ ගහපු බඩු ටික දැන් එකම වේදිකාවේ අන්න නුගේගොඩ. මේ බලය වෙනුවෙන් ගහන ගේම් එකක්. අපි ජනතාවට කියන්නේ ඇන්දෙන්න එපා මේකට.”

Source – Asian Mirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!