ඔන්න පුතේ දැන් තමයි ගේම…
සුපර් 4 යන්න ඇෆ්ගන් මැච් එක දිනන එක තීරණාත්මකයි..!.
අද බංගලියෝ ඇෆ්ගනිස්තානයට එරෙහිව විශිෂ්ඨ ජයක් ලබාගන්නවා. මුශ්ටෆිසුර් රහ්මන් කඩුලු තුනක් ගනිද්දී පවර්ප්ලේ එකේ ඉදන්ම ඇෆ්ගන් momentum එක නැති කරලා බංග්ලාදේශයට තරගය අරන් තියාගන්න පුලුවන් වෙන්නේ Nasum Ahmedගේ Economical Spell එක නිසා…
ඒ නිසාම එයාට තරගයේ වීරයා සම්මානයත් හිමි වෙනවා.
පොර පන්දුවාර 4ට එක් නිලකුණු පන්දුවාරයක් එක්ක ලකුණු 11කට කඩුලු 2ක් ගන්නවා. Economy එක 2.75ක්.. ගත්ත කඩුලු දෙකත් ඇෆ්ගන් කොඳු නාරටිය වුනු Atal සහ Zadranගේ විකට්ස්…
Nasum මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ක්‍රිඩා කරපු පලවෙනි තරගය මේක… Nasum කියන්නේ Left arm Orthodox Spinner කෙනෙක්… හරියට අපේ වෙල්ලාලගේ වගේ… ඇෆ්ගන් Batting Lineup එකේ Atal හැරෙන්න රශීඩ් ඛාන්ට යනකල් ඉන්නේ දකුණත් පිතිකරුවන්… ඒ නිසාම දකුණත් පිතිකරුවන්ට තර්ජනයක් ඇති කරන්න පුලුවන් වමත් දඟ පන්දු යවන්නෙක් වෙච්චි Nasum අද තරගය සදහා උපක්‍රමශීලී තීරණයක් විදිහට බංග්ලාදේශය යොදා ගන්නවා.
සාර්ථකයි..! ඇෆ්ගන් කොඳු නාරටිය වුනු මුල්පෙල කඩුලු තුනෙන් දෙකක්ම අරන් ඇෆ්ගන් පිතිකරන බල ඇණිය පීඩනයට නතු කරලා බංග්ලාදේශයට ජයග්‍රහණය සදහා අවශ්‍ය වටපිටාව ඔහු විසින් සකසනවා.
මේ දේවල් කියන්නේ ඊලග තරගය ඇෆ්ගන්ලට තියෙන්නේ අපිත් එක්ක නිසා… බොහෝ දෙනා වෙල්ලාලගේ ගැන කතා කරද්දී අපේ කළමණාකාරිත්වය හොංකොං තරගයේදී අසාර්ථක තීක්ෂණව ක්‍රිඩා කරවනවා. තීක්ෂණ කියන්නේ Mystery Spinner කෙනෙක් නිසා හොංකොං කන්ඩායමට ඒ වගේ පන්දු යවන්නන්ට මුහුණ දෙන්න ලැබෙන්නේ ඉතා අඩු අවස්ථාවක් නිසා සමහරවිට ඒ වාසිය ලංකාවට ගන්න එදා හොංකොං තරගයේදී අපේ කළමණාකාරිත්වය තීක්ෂණ භාවිතා කරා වෙන්න පුලුවන්…
ඒක එහෙම ගත්ත ටැක්ටිකල් decision එකක් නම් ඒකේ කිසි වැරැද්දක් නැ… හැබැයි රජෝ ඇෆ්ගන් තරගයට එද්දී ඕක වෙනස්… ඇෆ්ගන් පිතිකරන ලැයිස්තුවේ දකුණත් පිතිකරුවන් බහුල නිසා තීක්ෂණ යොදාගන්නවාට වඩා අද බංග්ලාදේශය Nasum Ahmed ව උපක්‍රමශීලීව යොදා ගත්තා වගේ වනිඳු එක්ක දුනිත් වෙල්ලාලගේට අවස්ථාවක් දුන්නොත් ඇත්තටම ඒක හොද දෙයක් වෙයි කියලා හිතෙනවා.
✍️ | Rishie Bro







