BREAKING NEWS
Search

හරක් කටාගෙන් අල්ලස් ගත් ලයිස්තුව එලියට…

7065

“හරක් කටා” නමින් හඳුන්වන නඳුන් චින්තකගෙන් අල්ලස් ලබාගත් බවට සැක කෙරෙන පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතිඥවරු සූදානම් වෙති.

නඳුන් චින්තකගේ පලායාම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ලබාගත් පොලිස් ප්‍රකාශ මත පදනම්ව, ඇතැම් පොලිස් නිලධාරීන් මෙලෙස අල්ලස් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම ලැයිස්තුවට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ නම් ඇතුළත් වන බව නීතිඥවරු පවසති.

මුදල්, පරිගණක සහ ඇපල් දුරකථන ඇතුළු විවිධ ද්‍රව්‍යමය දේවල් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවට සාක්ෂි සහිතව තහවුරු වී ඇත.

දැනට පුද්ගලයන් හත් දෙනෙකු පමණ මෙලෙස අල්ලස් ලබාගෙන ඇති බවට සාක්ෂි අනාවරණය වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලීම් කිරීමට නීතිඥවරු අපේක්ෂා කරති.

Source – lanka c news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *