BREAKING NEWS
Search

කොටි සංවිධානයත් ඉතිහාසය ඉවත් කලා – ඕමල්පේ සෝභිත හිමි

1464

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් ඇඹිලිපිටියේදී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

ඒ ආණ්ඩුව විසින් ගෙන එන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබදවයි.

උන් වහන්සේ කියා සිටියේ,

“අධ්‍යාපන අමාත්‍ය වරිය මෙන්ම රජය මේ මොහොතේ කල යුත්තේ රටේ ජනතාවගේ අත්‍යාවශ්‍ය දේ සිදු කිරීමයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න ඉක්මන් වැඩියි.

ඒ වගේම ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් වලින් දරුවන් ඈත් කරන්න කරන වැඩක් මෙන්ම දරුවන් මේ විෂයන් තෝරා ගැනීමෙන් ඉවත්වෙනවා. ඒක කණගාටුදායක තත්වයක්. මේ පිළිබදව මීට වඩා සංවාදයක් ඇතිකල යුතුයි.

LTTE විසින්ද මේ වගේ කටයුතු සිදු කලා. අද ඇමරිකාවේ පුරවැසිකම දෙන්නේ නැහැ ඇමරිකා ඉතිහාසය නොදන්න අයට”

Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *