හිතාගන්නවත් පුළුවන්ද? ඇගේ ජීවිතය උදුරාගන්න හේතු වුණේ ප්‍රේම සම්බන්ධතාවයක් කියන එක. ඇය තවමත් හිරිමල් වියේ තරුණියක්.
දහසය හැවිරිදි පාසැල් සිසුවියකට පිහියකින් ඇන ඝාතනය කළ 28 හැවිරිදි හිටපු හමුදා සෙබළා ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි ගම්පොළ පොලිසිය පවසනවා.
ඝාතනයට ලක්ව ඇත්තේ ගම්පොළ, මිල්ලගහමුල, පන්විලතැන්න පදිංචි හේවාගේ මල්කි දිල්රුක්ෂි නමැති 10 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියක්.
මියගිය හිටපු හමුදා සෙබළා සමඟ මෙම සිසුවිය ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.
සිසුවිය වෙනත් පුද්ගලයකු හා ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවට ඇති වූ සැකය මත හිටපු හමුදා සෙබළා මෙම ඝාතනය සිදු කර තිබෙන බවයි පොලිසිය පවසන්‍නේ.
හිටපු හමුදා සෙබළා වසරක පමණ කාලයක් අදාළ සිසුවියගේ නිවසේ කුලී පදනම මත කාමරයක සිට තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව තිබෙනවා.
සිසුවියගේ නිවසට (14) රාත්‍රියේ පැමිණ ඇති මොහු ඇයට පිහියෙන් ඇන ඝාතනය කිරීමෙන් පසු එම නිවස ආසන්නයේ වූ තේ වත්තක ගෙල වැළලාගෙන තිබෙන බව පොලිසිය ප්‍රකාශ කරනවා.
Source – Hiru Gossip







