BREAKING NEWS
Search

”විවාහය අවලංගුයි. මේ කාරණය මෙතැනින් අවසන් කිරීමට කැමතියි” – ස්මිත්‍රි මන්දනා

2967

පහුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වුණු මාතෘකාවක් තමයි ස්මිත්‍රි මන්දනා – පලාෂ් මුචාල් යුවළගේ විවාහය.

සංගීත නිර්මාණකරුවෙක් වන පලාෂ්, ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන මන්දනාගේ අතගන්න තුරු ඔවුනට ආදරේ කරන කවුරුත් නොඉවසිල්ලෙන් බලන් උන්නා.

මන්දනාගේ උපන් ගම වන සංග්ලි හිදී ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යයට දින නියමව තිබුණු දවසෙ (නොවැම්බර් 23) අහන්න ලැබුණෙ මන්දනාගේ පියාට ඇති වුණු හෘදයාබාධයක් හේතුවෙන් විවාහය කල්දැමූ බව.

පසුව, මන්දනාගේ පෙම්වතා වන පලාෂ් ද වෛරස් ආසාදනයක් හේතුවෙන් රෝහල් ගත කළ බවත් ඔහු එදිනම ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවත් ඉන්දීය මාධ්‍ය අනාවරණය කර තිබුණා.

මේ සම්බන්ධයෙන් පලාෂ්ගේ මව සඳහන් කර තිබුණේ, මන්දනාගේ පියාට ඇති වූ හෘදයාබාධ තත්ත්වයත් සමඟ පලාෂ් ද කලබල වීම ඔහුගේ අසනීප තත්ත්වයට හේතු වුණු බව.

ඒ වගේම පලාෂ්ගේ සහෝදරිය වන පලාක් මුචාල් ද සඳහන් කර තිබුණේ, මන්දනාගේ පියාගේ අසනීප තත්ත්වය හමුවේ විවාහය කල්දමා ඇති බවත් පවුල් දෙකෙහි පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසත්.

කොහොම නමුත් මේ කාරණය ගැන ඉන්දීය මාධ්‍ය විවිධ අනුමාන කිරීම් සිදුකරන්න වුණා. ඒ ඔවුන්ගේ සබඳතාව බිඳවැටී ඇති බවට.

ඊට හේතු කාරණා ද කිහිපයක් ම තිබුණා.

ඒ, මන්දනා සිය විවාහයට අදාළ සියලු සටහන් ,වීඩියෝ සමාජ මාධ්‍ය වේදිකාවලින් ඉවත් කරගැනීමත්, ඇය අනුව ම යමින් ඇගේ මිතුරියන් ද පලාෂ්, මන්දනා හට යෝජනා කරන අයුරු දැක්වෙන වීඩියෝව ඉවත් කර තිබීම.

ඒ වගේම පලාෂ් ද මේ වන විට අදාළ වීඩියෝව ඉවත් කරගෙන.

ඒ අනුව කවුරුත් අතර මතුවුණු සැකය තවදුරටත් වර්ධනය නොවන්නට, මන්දනා – පලාෂ් දෙපළ ම සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඔස්සේ නිල වශයෙන්ම නිවේදනය කර තිබෙනවා විවාහය අවලංගු කර ඇති බව.

මන්දනාගේ සටහනින්,

“පසුගිය සති කිහිපය තුළ මගේ ජීවිතය වටා බොහෝ සමපේක්ෂන පැවතුණ අතර මේ අවස්ථාවේ මට කතා කිරීම වැදගත් යැයි හැඟේ.
මම ඉතා පෞද්ගලික ජීවිතයක් ගෙවන පුද්ගලයෙක් වන අතර එය එලෙසම තබා ගැනීමට මම කැමතියි.
නමුත් විවාහය අවලංගු කර ඇති බව මට පැහැදිලි කළ යුතුයි. මම මේ කාරණය මෙතැනින් අවසන් කිරීමට කැමතියි.
ඔබ සැමට සාධාරණව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි. කරුණාකර මේ අවස්ථාවේදී පවුල් දෙකෙහිම පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසත්,
ඉදිරියට යාමට අපට ඉඩ දෙන ලෙසත් මම ඔබෙන් ඉල්ලා සිටිමි.

අපි හැමෝමටම ඉහළ අරමුණක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ අරමුණ සැමවිටම මගේ රට ඉහළම මට්ටමින් නියෝජනය කරනවා.
හැකි තාක් කල් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කර කුසලාන දිනා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා.
ඒ තමයි මගේ අවධානය සදහටම යොමු වෙන තැන.
ඔබගේ සියලු සහයෝගයට ස්තූතියි… ඉදිරියට යාමට කාලයයි….”

මන්දනාගේ නිල සටහන සේ ම පලාෂ් ද සටහනක් මඟින් කරුණු පැහැදිලි කර තිබෙනවා.

“මම මගේ ජීවිතයේ ඉදිරියට යාමට සහ මගේ පෞද්ගලික සම්බන්ධතාවයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තෙමි.
මට වඩාත්ම පූජනීය දෙයක් පිළිබඳ වන පදනම් විරහිත කටකතාවලට, මිනිසුන් ඉතා පහසුවෙන් ප්‍රතිචාර දක්වනු දැකීම අපහසු කාරණයක්.
එය මගේ ජීවිතයේ දුෂ්කරම අවධිය වන අතර මම මගේ විශ්වාසයන් තුළින් එයට මුහුණ දෙන්නෙමි.
සත්‍යාපනය නොකළ ඕපාදූප මත පදනම්ව, කිසි විටෙකත් නොහඳුනන කෙනෙකු විනිශ්චය නොකිරීමට සමාජයක් ලෙස අප ඉගෙන ගනිමු.
වචනවලින්, කිසිදා තේරුම් ගත නොහැකි ආකාරයෙන් තුවාල විය හැකිය.

අපි මේ තත්ත්වයේ පසුවන අතරතුර, ලෝකයේ බොහෝ අය දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දී සිටිති.
මගේ පාර්ශවයෙන්, අසත්‍ය හා අපහාසාත්මක අන්තර්ගතයන් පතුරුවන අයට එරෙහිව දැඩි නීතිමය පියවර ගනු ඇත.
මෙම දුෂ්කර කාලය තුළ කරුණාවෙන් මා සමඟ සිටි සැමට ස්තූතියි….”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *