BREAKING NEWS
Search

මිද්දෙණියේ අයිස් පොහොට්ටුවේ නම් පාස්කු ප‍්‍රහාරයේ මහ මොලකරු අනුර…

3744

හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට පවසමින් ඒ පිටුපස පොහොට්ටුව ඇතැයි චෝදනා කරන්නේ නම් පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරුණු බෝම්බ කරුවන් දෙදෙනෙකුගේ පියා මාලිමා ජාතික ලැයිස්තුව නියෝජනය කළ හෙයින් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අනුර දිසානායක විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.

අදාළ පුද්ගලයා යම් වරදක් කර ඇත්නම් එය ඔහුගේ පෞද්ගලික වරදක් මිස ඊට පක්ෂයේ සබඳතාවක් නොමැති බවත් මේවා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට සිදුකරන ළඳ බොළඳ වැඩ බව ද හෙතෙම පෙන්වා දෙයි.

ඇල්ල වැල්ලවාය මාර්ගය තනන්නේ ඇමරිකානු ගුවන් යානා ගොඩබාන්න යැයි කී නායකයෙකු සිටි පක්ෂයක මෙම චෝදනා තමන් ගණන් නොගන්නා බව ද තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා ගෙන එන ලද බව ප්‍රකාශ කරන කන්ටේනර් දෙකක් මිද්දෙණිය තලාව ප්‍රෙද්ශයේ පොදුජන පෙරමුණු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ගෙවත්තකින් හමු වීම පිළිබඳ මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!