BREAKING NEWS
Search

මාලිමාවේ පෑලියගොඩ නගරාධිපති අධිකරණයට කැඳවයි..!

1795

 

පෑලියගොඩ නරාම්මිණිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පුද්ගලික ආයතනයකට අයත් ගබඩාවකට කන්ටේනර් ලොරි රථ ගමන් කීරීම හේතුවෙන් කාලයක සිට ආයතනය පිලිබඳව ප්‍රදේශවාසීන්ගේ විරෝධයක් පැවති අතර එම විරෝධයට හේතුව වූයේ එම ආයතනය පවත්වාගෙන යාමට අවශ‍්‍ය නාගරික සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන අනුකූලතා සහතිකයේ සඳහන් සැපිරිය යුතු කාරණා කිහිපයක් සැපීරීමක් කර නොමැතිව සහතිකය ලබා දීමත් සහ ඒ හේතුවෙන් එම ආයතනය සඳහා යන කන්ටේනර් හේතුවෙන් එම මාර්ගයේ නිවෙස් වලට අලාබහනි වීම් හේතුවෙනි.

මේ ගැටලුව ජනතාව පවතින ආණ්ඩුවේ පෑලියගොඩ නගරාධිපතිට පෙත්සමක් මගින් දැනුවත් කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ ට්‍රොන් 5ට වඩා යා නොහැකි බව සඳහන් කර පුවරුවක් සවිකර ඇත.

ඒ හේතුවෙන් එම ආයතනය පවත්වාගෙන යා නොහැකි තත්වයක් හමුවේ ඔවුන් අධිකරණය හමුවේ නඩුවක් ⁣ගොනු කර ඇත.

එම නඩුවට අනුව NO.DSP/557/2024 දරණ නඩුවේ කොළඹ දිසා අධිකරණයයේදී දුන් තීන්දුව නොසලකා ක්‍රියා කර අධිකරණයට අපහාස කිරීමේ වරදට වගඋත්තරකරුවන්ට දඬුවම් කර වාරණ නියෝගය ක්‍රීයාත්මක කරන ලෙස ඉල්ලා ගොනුකර නඩුවට අදාළව පැමිණිලිකාර පාර්ශවය කල ඉල්ලීමකට අනුව මෙම කැඳවීම සිදු කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!