BREAKING NEWS
Search

ලෝකයම හුස්ම අල්ලගෙන බලා සිටි මොහොත. ඇලෙක්ස් හොනෝල්ඩ් ලණු නැතුව තායිපේ 101 මුදුනටම නගී….

747

 

ඔන්න රොක් ක්ලයිම්බින් (Rock Climbing) ලෝකයේ සුපිරි තරුව, ඇලෙක්ස් හොනෝල්ඩ්, ආයෙත් සැරයක් ලෝකයම හොල්ලලා තියෙනවා.

ඒ තායිවානයේ තියෙන මීටර් 508ක් උසැති Taipei 101 කියන දැවැන්ත ගොඩනැගිල්ල කිසිම ආරක්ෂිත ලණුවක් (Ropes) හෝ ආම්පන්නයක් නැතුව නගිමින්.

මේ මුළු ගොඩනැගිල්ලම නගින්න ඇලෙක්ස්ට ගත වුණේ පැය 1යි, විනාඩි 31යි, තත්පර 35ක් වැනි සුළු කාලයක්
.
ඔහු පාවිච්චි කළේ තමන්ගේ දෑත් සහ දෙපා විතරයි. ගොඩනැගිල්ලේ තිබුණු වානේ බාල්ක සහ වීදුරු මතුපිට අල්ලගෙන තමයි මේ මීටර් 508ම ඉහළට ගියේ.

ගොඩනැගිල්ලේ උඩටම යද්දී ඇඟ ගසාගෙන යන තරමේ දරුණු සුළඟක් තිබුණත්, ඇලෙක්ස් ඒ කිසිම දෙයකින් නොසැලී තම ඉලක්කය ජය ගත්තා.

මේක නිකන්ම කරපු දෙයක් නෙවෙයි, Netflix හරහා ලෝකය පුරාම සජීවීව (Live) විකාශය කළා. මිලියන ගණනක් මිනිස්සු ඇලෙක්ස්ගේ එක කකුලක් හරි ලිස්සයිදෝ කියන බයෙන් මොහොතක් පාසා හුස්ම අල්ලගෙනයි මේක බලන් හිටියේ.

අවසානයේදී තායිපේ 101 ගොඩනැගිල්ලේ මුදුනටම ගිය ඇලෙක්ස්, ආරක්ෂිත ආම්පන්න නැතුව මේ වීරකම කරපු ලොව පළමු පුද්ගලයා විදිහට ඉතිහාසයට එක් වුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!