BREAKING NEWS
Search

පුටින්ගේ රහස් ජීවිතේ වැඩිපුරම සැඟවූ කාරණා එළියට.. ලොවක් මවිතයට පත්කළ ඒ කතාව මෙන්න..

1469
මේ කියන්න යන්නේ ලෝකයේම අවදානය දිනාගත්ත තවත් කතාවක් ගැනයි. ඇත්තටම මෙහෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්ද..?


රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් දැඩි රැකවල් මැද රහසේ ඇතිදැඩි කරන, ඔහුගේ දිගුකාලීන පෙම්වතියගේ පුතුන් දෙදෙනා වන අයිවන් සහ ව්ලැද්මීර් (ජූනියර්)ගේ ඡායාරූප සහ වීඩියෝ පෙළක් අන්තර්ජාලයට කාන්දු වී තිබෙනවා.

පුටින් විසින් මෙතෙක් සඟවා හැදු සිය පුතුන් දෙදෙනා සිය මව මෙන් ජිම්නාස්ටික් පුහුණු වන අලුත්ම ඡායාරූප සහ වීඩියෝ රුසියාවෙන් පිටතට ගෙන ගොස් ප්‍රසිද්ධ කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

පුටින්ට දාව පෙම්වතියට දරුවන් දෙදෙනකු සිටින බවට විදෙස් බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබුණ ද ඔවුන්ගේ නම් හෝ සේයාරූ ඔවුන් වෙත හෙළිවී තිබුණේ නැහැ.

වැඩිමල් පුතුගේ වයස අනුමාන කළ ද කුඩා දරුවා පුතකුද දියණියක ද යන්න පිළිබඳ බලවත් විදෙස් බුද්ධි අංශ පවා කලක් තිස්සේ සෙවූ කාරණයක්.

කුඩා දරුවා වඩාත්ම හුදෙකලා ජීවිතයක් ගෙවන බවට සළකන බැවින් ඇතැම් වාර්තාවල ඔහු හඳුන්වා තිබුණේ ‘ලොව හුදෙකලාම පිරිමි දරුවා’ ලෙසින්.

පුටින්ගේ දිගුකාලීන පෙම්වතිය වන හිටපු ඔලිම්පික් ක්‍රීඩිකා අලිනා කබේවා මෙන් පුතුන් දෙදෙනා ද ජිම්නාස්ටික් දස්කම් දක්වන බවයි එම වීඩියෝවලින් පෙනීයන්නේ.

නිකුත් වූ ඡායාරූපවල සිටින්නේ 10 හැවිරිදි අයිවන් සහ 6 හැවිරිදි ව්ලැඩිමීර් ජූනියර් පුහුණු වන ආකාරයයි.

මෙම ඡායාරූප, කබේවා විසින් පවත්වන ලද ජිම්නාස්ටික් තරඟයකදී ගන්නා ලද බව කියැවෙනවා.

ජනවාරි මාසයේදී, කබේවා විසින් ඇයගේ ඇකඩමියේදී ඔලිම්පික් ශූරයන් ලවා තම පුතුන් සඳහා විශේෂ මාස්ටර් පන්ති පවා සංවිධානය කර තිබෙනවා.

අයිවන්, ‘ALINA 2023’ නමින් ඔහුගේ මවගේ නමින් සංවිධානය කළ උත්සවයේදී ඔහුගේ කණ්ඩායම සමඟ සිටිනු දක්නට ලැබුණා.

ව්ලැද්මීර් ජූනියර්ට පදක්කමක් ලැබෙන ඡායාරූපද අන්තර්ජාලයේ සැරිසරනවා.

පුටින්ගේ මෙම පුතුන් දෙදෙනා සහ ඔවුන්ගේ මව ඉතාමත්ම හුදෙකලා ජීවිතයක් ගත කරන බවයි වාර්තාවල දැක්වෙන්නේ.

ඊට හේතුවන්නේ ඔවුන් කිසිවකු විසින් ඝාතනය කරනු ඇතැයි බියෙන් පුටින් විසින් දැඩි ලෙස ආරක්ෂා කිරීමයි.

ඔවුන්ගේ පවුල ජීවත් වන්නේ මොස්කව් නගරයට වයඹ දෙසින් වල්ඩායිහි පිහිටි දැඩි ලෙස ආරක්ෂා කරන ලද වනාන්තර ආශ්‍රිත සංකීර්ණයක බව සඳහන්.

මෙම පිරිමි ළමයින්ට ආරක්ෂාවට යෙදූ නාමයක් ලෙස ‘ස්පිරිඩොනොව්’ යන වාසගම ලබා දී තිබෙනවා.

‘ස්පිරිඩොනොව්’ යනු 1879 සිට 1965 දක්වා ජීවත් වූ පුටින්ගේ සීයා වන ස්පිරිඩොන් පුටින්ගේ නමයි.

ඔවුන් පිළිබඳ තොරතුරු රාජ්‍ය දත්ත පද්ධතිවලින් පවා මකා දමා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

වයස 73 ක් වන පුටින් සහ වයස 41 හැවිරිදි කබේවා අවම වශයෙන් 2008 වසරේ සිට සිය සබඳතාව පවත්වාගෙන යන අතර, එය වසර 17කට අධික කාලයක සම්බන්ධයක් ලෙස සැලකෙනවා.

කෙසේ වෙතත්, ඔවුන් මෙම සම්බන්ධය කිසි විටෙකත් ප්‍රසිද්ධියේ පිළිගෙන නැහැ.

පුටින්ට ඔහුගේ පළමු විවාහක බිරිඳ වූ ලියුඩ්මිලා පුටින් සමඟ දියණියන් දෙදෙනෙකු සිටිනවා.

40 හැවිරිදි මාරියා වොරොන්ට්සෝවා සහ 39 හැවිරිදි කැටරිනා ටිකොනෝවා එම දැරියන්.

වසර 30 කට ආසන්න විවාහ ජීවිතයකින් පසු ඔහු 2013 දී ඇයගෙන් දික්කසාද වුණා.

ඊට අමතරව, ඔහුගේ බව පැවසෙන තවත් දියණියක් වන 22 හැවිරිදි එලිසවෙටා රුඩ්නෝවා ද සිටින බව සඳහන්.

පුටින්ට දාව තරුණ පුතුන් දෙදෙනෙකු හදාගන්නා 41 හැවිරිදි කබේවා, දැන් රුසියාවේ ධනවත්ම කාන්තාවන්ගෙන් කෙනෙක් බවයි පැවසෙන්නේ.

ඇයට අවම වශයෙන් පවුම් මිලියන 81.85 ක් වටිනා සැඟවුණු දේපළ අධිරාජ්‍යයක් පවතින බව ද විදෙස් වාර්තා සඳහන් කරනවා

Source – Hiru Gossip



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!