BREAKING NEWS
Search

දෙල්තොටවත්ත හොල්ලමින් නායයෑමකින් මතු වූ අද්භූත නිල් පාෂාණය.. රහස හෙළි කරන්න ජංගම රසායනාගාරයත් දෙල්තොටට..

1794

ගලහා දෙල්තොටවත්තෙන් මතු වූ “නිල්” පාෂාණයේ අබිරහස විසඳන්න මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම ස්ථානයට ගොස් තිබෙනවා.

​ගලහා, දෙල්තොටවත්ත ප්‍රදේශයේ සිදුවූ නායයෑමකින් ගැලවී ආ කළු ගල් පාෂාණයක කොටසක් දීප්තිමත් නිල් වර්ණයෙන් (Bright Blue) දිස්වන බව මේ වන විට වාර්තා වී තිබේ.

​බැලූ බැල්මට ඉතා ආකර්ෂණීය මෙම පාෂාණය කුමක්දැයි යන්න මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැත.

​මේ පිළිබඳව සොයා බැලීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නාවුල ප්‍රාදේශීය කාර්යාලය මැදිහත් වී ඇත.

​එම කාර්යාලයේ P.D.A.P. සුභසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ:
​”අද දිනයේ අපගේ ජංගම රසායනාගාරය (Mobile Lab) එම ස්ථානයට රැගෙනවිත් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි. එම පරීක්ෂණයෙන් පසුව මෙය කුමන වර්ගයේ පාෂාණයක්ද යන්න පිළිබඳව නිල නිගමනයකට එළඹිය හැකියි.”​මෙය වටිනා මැණික් ඉල්ලමක්ද? නැතහොත් වෙනත් ඛනිජ විශේෂයක්ද? ඒ අනුව සියල්ල හෙළිවනු ඇත…”

Note – ඇතැම් ඡායාරූප සදහා AI තාක්ෂණය භාවිත කර ඇත…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!