හොඳම ජනාධිපතිවරයෙක් වුවත්, නරකම ජනාධිපතිවරයෙක් වුවත්, කිසිදු ජනාධිපතිවරයෙකුට මහජන බදු මුදලින් දීර්ඝ කාලීනව සැප විඳිමින් සිටීමට ඇති අවස්ථාව ප්‍රතික්ෂේප කළ යුතුයි යන්න ජනතාවගේ මතය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.
ඒ අනුව, මේ සඳහා නීතියක් පැනවිය යුතු බව තමන්ගේද මතය වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
නමුත් හිටපු ජනාධිපතිවරුන්ට ප්‍රමාණවත් තරම් ආරක්ෂාවක් ලබාදීම රජයේ වගකීමක් බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
Source – එසැණ







