BREAKING NEWS
Search

විප­ක්ෂයේ වැඩේ හරි­යට කරන්න විප­ක්ෂ­යට බෑ ශ්‍රී ලංකාවේ කොමි­යු­නිස්ට් පක්ෂයේ සභා­පති ඩිව් ගුණ­සේ­කර

647

 

වර්ත­මාන දේශ­පා­ලන තත්ත්වය තුළ රටේ ඉදිරි ගමන් මඟ කෙසේ සකස් විය යුතුද? අලුත් ආණ්ඩුවේ කාර්ය භාරය සහ විප­ක්ෂයේ හැසි­රීම
පිළි­බ­ඳව මෙරට සිටින ජ්‍යෙෂ්ඨ­තම දේශ­පා­ල­න­ඥ­යකු වන ශ්‍රී ලංකාවේ කොමි­යු­නිස්ට් පක්ෂයේ සභා­පති ඩිව් ගුණ­සේ­කර මහතා සමඟ සිදු කළ සාක­ච්ඡා­වකි මේ.

 

රට පසු­ගිය කාල­යේදී මුහුණ දුන් ආර්ථික අර්බු­ද­යට හේතු රැසක් තිබෙන බව ඔබ සඳ­හන් කර­නවා. ඇත්තෙන්ම මේ ආර්ථික අර්බු­ද­යට හේතු විදි­හට ඔබ දකින්නේ කව­රක්ද?

2009 දී යුද්ධය ජය­ග්‍ර­හ­ණ­යත් සමඟ බොහෝ අය අපට ආර්ථික වශ­යෙන් ජය­ග්‍රාහී ඉලක්ක වෙත යාමට පුළු­වන් කියන අද­හ­සක සිටියේ. ඒත් ඒ ඉල­ක්කය වෙත යාමට හැකි­යා­වක් ලැබුණේ නැහැ. අව­සා­නයේ සිදු වුණේ 2022 වන විට රට බංකො­ලොත් බවට ප්‍රකා­ශ­යට පත්වී­මයි. මේ තත්ත්වය ඇති වුණේ ඇයි? ඒකට හේතුව මොකක්ද? කියන කරුණ සලකා බැලී­මක් නොකර අපට මේ අර්බු­ද­යෙන් ගොඩ­යා­මට හැකි­යා­වක් ලැබෙන්නේ නැහැ. ණය අර්බු­දය, ඩොලර් අර්බු­දය සහ ජාත්‍ය­න්තර අර්බු­දය වගේ කරුණු රාශි­යක් බල­පෑවා.

ඒත් අප කවු­රුත් ජාත්‍ය­න්තර අර්බු­දය කියන කරුණ සලකා බැලී­මක් සිදු කරන්නේ නැහැ. අප අද මුහුණ දෙන අර්බු­ද­යට මේ සියලු කරුණු සම්බන්ධ වෙලා තිබෙ­නවා. ඩොලර් අර්බු­ද­යක් ඇති වීම පිළි­බ­ඳව අපට සාධා­ර­ණව හේතු කියන්න පුළු­වන්. එයට විවිධ කරුණු බල­පාන්න ඇති. එහෙත් අපේ රටේ රුපි­යල් අර්බු­දය ඇති වුණේ ඇයි කියන එක සාධා­රණ ලෙසත් විචා­ර­ශී­ලී­වත් බැලිය යුතුයි. අපේ රටේ රුපි­යල් හිඟ­යට හේතු වුණේ මොකක්ද කියලා සලකා බලද්දි තහ­වු­රු­වන කරු­ණක් තමයි රාජ්‍ය ආදා­යම පහළ යාම. රාජ්‍ය ආදා­යම අඩු කිරී­මට හේතු මොන­වාද කියා සලකා බලද්දී තහ­වුරු වෙන කරු­ණක් වන්නේ රජ­යට අය­විය යුතු බදු මුදල් ප්‍රමා­ණය අඩු­වී­මයි. 1977 වර්ෂය වෙද්දී බදු ආදා­යම් ප්‍රමා­ණය විශාල ප්‍රමා­ණ­යක් ආණ්ඩුව වෙත අය වෙමින් තිබුණා. එහෙත් ඒ බදු ප්‍රමා­ණය බැසිල් රාජ­පක්ෂ මුදල් ඇමැ­ති­ව­ර­යාගේ කාලය වන විට සිය­යට හයක් තරම් පහළ තැන­කට වැටුණා. රුපි­යල් අර්බු­ද­යට හේතුව වුණේ රාජ්‍ය ආදා­යම විදි­හට අය­විය යුතු බදු මුදල් ප්‍රති­ශ­තය ක්‍රමා­නු­කු­ලව පහළ යාමයි.

 

එසේ බදු ආදා­යම පහළ ගියේ ඇයි, ඔබට ඒ ගැන අද­හ­සක් තිබෙ­න­වාද?

ඉහළ ආදා­යම් ලබන පිරිස පසු­ගිය අවු­රුදු පනහ ඇතු­ළත වැඩි වුණා. ඒ තත්ත්වය හරි­නම් බදු ආදා­යම් ප්‍රමා­ණය වැඩි වෙන්න ඕනෑ. ඒත් සිදු­වෙලා තිබෙන්නෙ බදු ප්‍රමා­ණය පහළ යාමයි. 2022 වන විට ආදා­යම් බදු අය­කි­රීමේ ප්‍රති­ශ­තය සැල­කිය යුතු පහළ මට්ට­ම­ට­කට වැටුණා.එයට හේතුව වුණේ විවිධ හිත­ව­ත්කම් මත බදු කපා හැරීම, හිත­ව­තුන් බදු දැලින් ලිස්සා යාම සහ බදු සමා ලැබී­මත් බදු අය­කි­රීමේ ප්‍රති­ශ­තය පහළ දැමීම වැනි කරු­ණුයි. ඒ නිසා තමයි අප රටට 2022 දී රුපි­යල් හිඟ­යක් ඇති වුණේ.

ණය අර්බු­ද­යට හේතු වුණේ විශාල ලෙස ණය ගැනීම යන කරු­ණයි. කල­කට පෙර අප ණය ගනු ලැබුවේ තවත් රාජ්‍ය­ය­කින්. ඒ නිසා එදා ණය මුදල් නැවත ගෙවී­මේදී යම් පහ­සු­වක් තිබුණා. ඒත් පසු­කා­ලී­නව එම රට­වල ආර්ථික තත්ත්වය තවත් ණය ලබා දීමට තරම් ශක්ති­මත් වුණේ නැහැ. ඒ නිසා තුන්වන ලෝකයේ රට­ව­ලට ණය ලබා දීමට වෙනම පෞද්ග­ලික ආය­තන බිහි­වුණා. ස්වෛරී බැඳු­ම්කර සහ ණය මුදල් ලෙස හඳු­න්වනු ලබන්නේ එම ණය මුදල්. ඒවායේ තිබුණේ අධික පොලී අනු­පාත. ඒ තත්ත්වය තුළ තමයි අප වැනි රට­වල් ණය අර්බු­දයේ පැට­ළුණේ. ඒ නිසා අප මුහු­ණ­දුන් මේ තත්ත්ව­යන්ට මේ සියලු සාධක ඉතා නරක විදි­හට බල­පානු ලැබුවා.

ඒ වගේම 1970දී රුපි­ය­ල­කට ගෙවනු ලැබුවේ ආසන්න වශ­යෙන් රුපි­යල් හතක් වැනි මුද­ලක්. එය 1977 වර්ෂය වන විට රුපි­යල් විස්ස වුණා. ඉන්පසු දිගින් දිග­ටම ඉහළ ගිය ඩොල­රය 2022 වන විට රුපි­යල් තුන්සි­ය­යද ඉක්මවා ගියා. මේ වගේ අර්බු­ද­කාරී තත්ත්ය උග්‍ර වුණේ මේ ආකා­ර­ය­ටයි. අප මුහුණ දී සිටින අර්බු­ද­යට හේතු පෙළ­ගැ­සුණෙ මේ විදි­හ­ටයි.

 

ඔබ සඳ­හන් කළා ජාත්‍ය­න්තර සාධක පිළි­බ­ඳ­වද සලකා බැලිය යුතුයි කියලා. ඔබ සඳ­හන් කරනු ලබන ජාත්‍ය­න්තර සාධක මොන­වාද?

2010න් පසු ලෝකය වෙනස් වුණා. ලෝකය ගෝලීය උතුර සහ ගෝලීය දකුණ ලෙස බෙදුනා. ගෝලීය උතුර කියන්නේ සාම්ප්‍ර­දා­යික බට­හිර සහ අමෙ­රි­කාව ඇතුළු රට­වල්. ඔවුන් පෙර බල­වත්ව සිටි­යත් අද වන විට බල­වත් වෙමින් තිබෙන්නේ ගෝලීය දකු­ණයි. චීනය, ඉන්දි­යාව ඇතුළු රට­වල් විශාල ලෙස ඉදි­රි­යට එමින් තිබෙ­නවා. ඒ නිසා අප දැන් රටක් ලෙස සාම්ප්‍ර­දා­යික බට­හිර සමඟ නොවෙයි ගෝලීය දකුණ සමඟ එක්ව යන ගම­න­කින් අපට රටක් විදි­හට අලුත් හැර­වු­මක් ගන්න පුළු­වන්.

ඒත් මේ යථා­ර්ථය අලුත් ආණ්ඩුව තේරුම් ගත් බවක් පෙනෙන්න නැහැ. වාමාං­ශික අද­හස් මත­වාද සහිත ආණ්ඩු­වක් නම් මේ වෙනස් ගම­නට අපත් රටක් විදි­හට සූදා­නම් විය යුතුයි.

 

රට තුළ අලුත් ආණ්ඩු­වක් පත්ව තිබෙ­නවා. මේ ආණ්ඩුව සහ අලුත් පාර්ලි­මේ­න්තුව පිළි­බ­ඳව ඔබේ අද­හස මොන­ව­ගේද?

මේ ආණ්ඩුව මැති­ව­ර­ණ­යට පෙර කියූ දේවල් සිදු කරන බවක් පෙනෙ­න්නට නැහැ. ඒ අයත් කලින් ආණ්ඩු ගිය පාරේම යන්නේ. ඒ නිසා අලුත් වෙන­සක් අවශ්‍ය නම් අලුත් ප්‍රති­ප­ත්ති­යක් අනුව වැඩ­කළ යුතුයි. ඒත් ඒ මාර්ගයේ ආණ්ඩුව ගමන් කරන බවක් පෙනෙ­න්නට නැහැ.

ජන­තාව මේ ආණ්ඩුව පිළි­බ­ඳව විශ්වාස කර­ලයි ඡන්දය ලබා දුන්නේ. ඒත් ඒ ජනතා විශ්වා­සය අනුව ආණ්ඩුව වැඩ කරන බවක් පෙනෙ­න්නට නැහැ. ආණ්ඩු­වට නිවැ­රැදි වෙන්න තව­මත් කාලය තිබෙ­නවා.

2027 වෙද්දි අප ආපසු ණය වාරික ගෙවන්න වෙන නිසා දැන්ම අලුත් ක්‍රම­වේ­ද­යක් අනුව කට­යුතු කළ යුතුයි. ඒ සඳහා දැන්ම වැඩ­පි­ළි­වෙ­ළක් ඇති කළ යුතුයි. ඒත් තව­මත් එසේ වැඩ­පි­ළි­වෙ­ළක් ඇතිව කට­යුතු කරන බවක් පෙනෙ­න්නට නැහැ. ඒ නිසා ආණ්ඩුව ඉක්ම­නින් නව ප්‍රවේ­ශ­යක් විවෘත කර ගන්න ඕනැ.

 

රට තුළ ආර්ථික අර්බු­ද­යක් තිබුණ කාල­යේදී පවා ඇතැම් සමාජ කණ්ඩා­යම් යහ­මින් මුදල් විය­දම් කර­මින් සිටි­නවා. රටක් ආර්ථික වශ­යෙන් අර්බු­ද­යක තියෙද්දි සමා­ජයේ සම­හර කණ්ඩා­යම් වෙත ඒ අර්බු­දය නොදැ­නී­මට හේතුව කුමක්ද?

 

රටේ ආර්ථි­කය අර්බු­ද­යක තිබු­ණද රට ඇතුළේ කලු ආර්ථි­ක­යක් ක්‍රියා­ත්මක වෙනවා. ඒ කලු ආර්ථි­කය සහිත පිරිස් අතර කලු සල්ලි ගැව­සෙ­නවා. ඒ පිරිස් නීති­යට අනුව මුදල් සොය­න්නන් නොවෙයි, විවිධ අයථා මාර්ග­ව­ලින් මත් ද්‍රව්‍ය විකි­ණීම වැනි ක්‍රමයි අනු­ග­ම­නය කරනු ලබන්නේ. ඒත් මේ කලු ආර්ථි­කයේ මහ මොළ සෙවී­මට කිසි­වකු උත්සාහ කරන්නේ නැහැ. උදා­හ­ර­ණ­යක් විදි­හට ගත්තොත් මත්කුඩු බොන කෙනා , මත්කුඩු බෙදන කෙනා අල්ල­නවා. ඒත් මත් කුඩු ගෙන්වන ප්‍රධාන ව්‍යාපා­රි­කයා අල්ලන්නේ නැහැ. ඒ තත්ත්වය තුළ ඒ අය තමයි මේ කලු ආර්ථි­කයේ මහ මොළ­ක­රු­වන්. ඒත් ඒ ප්‍රධාන තැන් වහන්න කිසි­වකු උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා මේ අයථා ක්‍රම­ව­ලින් මුදල් සොයන මුදල් විය­දම් කරන පිරිස් සොයා ගැනී­මට හැකි­යා­වක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කලු ආර්ථි­කය වැසී­මට කට­යුතු කරන්න ඕනැ. මේ හිඩැස් කඩි­න­මින් වැසිය යුතුයි එහෙම කළොත් අපට මේ අයථා මාර්ග වසා දැමී­ම­ටත් රාජ්‍ය ආදා­යම ඉහළ දමා ගැනී­ම­ටත් හැකි­යාව ලැබෙ­නවා.

 

කොමි­යු­නිස්ට් පක්ෂය සහ පැරැණි වමේ පක්ෂ අනා­ගත දේශ­පා­ල­නය තුළ මොන විදිහේ භූමි­කා­ව­ක­ටද පණ පොවන්නේ?

කොමි­යු­නිස්ට් පක්ෂ­යට අද පාර්ලි­මේ­න්තුව තුළ කිසිම ආස­න­යක් නැහැ. සම­ස­මාජ පක්ෂ­යත් එහෙ­මයි. අප නැවත ප්‍රති­සං­වි­ධා­නව සන්ධා­න­ග­තව පසු­ගිය පළාත් පාලන ආය­තන කිහි­ප­ය­කට තරග කරනු ලැබුවා. එයින් සභික ධුර ප්‍රමා­ණ­යක් ලබා ගැනී­මට පුළු­වන් වුණා. අපේ අර­මුණ වෙලා තිබෙන්නේ නැව­තත් දේශ­පා­ල­නය තුළ ජන­තා­වාදී ප්‍රති­පත්ති වෙනු­වෙන් පෙනී සිටී­ම­ටයි. අප එදා සිටම ප්‍රති­පත්ති ගරු­කව වැඩ කළ දේශ­පා­ලන පක්ෂ නිසා වර­ප්‍ර­සාද උදෙසා නොවෙයි, ප්‍රති­ප­ත්ති­ව­ල­ටයි අපි මූලි­ක­ත්වය ලබා දෙන්නේ.

1977න් පස්සේ වමේ දේශ­පා­ල­නය බිංදු­ව­ටම වැටුණා. අසූව දශ­ක­යේදී අපත් පාර්ලි­මේ­න්තු­වට පැමි­ණියා, ඒ වෙද්දී සමස්ත විප­ක්ෂය විදි­හට සිටියේ මන්ත්‍රී­වරු නව දෙනෙකු පම­ණයි. අප නව­දෙනා ජේ.ආර්.ජය­ව­ර්ධ­නගේ හයෙන් පහේ ආණ්ඩු­වට අභි­යෝග කළා. එප­ම­ණක් නොවෙයි අපට හැකි­යාව ලැබුණා ඒ ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩ හෙළි­ද­රව් කිරී­මට. ඒ නිසා මම විශ්වාස කරන්නේ සංඛ්‍යා­ත්මක බල­යට වඩා ගුණා­ත්මක බලය වැඩි බවයි.

 

අද විප­ක්ෂයේ හැසි­රීම සහ විප­ක්ෂයේ කාර්ය භාරය පිළි­බ­ඳව ඔබට දැනෙන්නේ මොකක්ද?

ඇත්තෙන්ම අද විප­ක්ෂය අර­මු­ණක් නැතිව කෑ ගැසීම් විත­රයි කරන්නේ. මෑත කාලී­නව විප­ක්ෂය විප­ක්ෂයේ වැඩේ හරි­යට කළේ නැහැ. මම කලින් සඳ­හන් කළ විදි­හට අසූව දශ­ක­යේදී මන්ත්‍රී­වරු නව දෙන­කුගේ විප­ක්ෂය විදි­හට අපට එක්සත් ජාතික පක්ෂයේ තුනෙන් දෙකේ ආණ්ඩුව සලිත කිරී­මට හැකි­යාව ලැබුණා. ඒ විත­රක් නොවෙයි එදා ආණ්ඩු පක්ෂය පවා වැඩ කළේ අමුතු ක්‍රම­ය­ක­ටයි. අය­වැය යෝජනා දින­යේදී රොනී ද මෙල් පැය ගණ­නක හර­වත් දේශ­න­යක් කර­නවා. අද වෙද්දි ඒ තත්ත්වය නැහැ.

මගේ අද­හස නම් පාර්ලි­මේ­න්තුව තුළ කෑකෝ­ග­හල ශබ්ද නඟා කතා කිරී­මෙන් විප­ක්ෂ­යට ශක්ති­යක් ගන්න බැහැ. අද විප­ක්ෂ­යට අසූව දශ­කයේ විප­ක්ෂය විදි­හට වැඩ කළ අපෙන් ආදර්ශ ගන්න පුළු­වන්. එදා අපිත් හැප්පුණේ අද වගේ විශාල බල­යක් තිබෙන ආණ්ඩු­වක් සම­ඟයි. ඒත් අද ඒ වගේ ශක්ති­මත් මත­වාදී අර­ග­ල­යක නියැ­ළෙන විප­ක්ෂ­යක් දක්නට නැහැ.

 

උදිත ගුණ­ව­ර්ධන

Source – Dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!