BREAKING NEWS
Search

වර්තමාන ආණ්ඩුව පෙරළීමට හැකි පළමු අවස්ථාවේදී අනිවාර්යෙන්ම පෙරළීමට විපක්‍ෂය එක්ව කටයුතු කරනවා…

332

 

 

(21) දවසේදී මහා ජන හඬ විපක්ෂයේ ජනරැළිය නුගේගොඩදී පැවැත්වුණා.

මෙම ජනරැළිය සඳහා එකතු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ වර්තමාන ආණ්ඩුව පෙරළීමට හැකි පළමු අවස්ථාවේදී අනිවාර්යෙන්ම පෙරළීමට විපක්‍ෂය එක්ව කටයුතු කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේද පැවසුවා.

“මේ ආණ්ඩුව ඇවිල්ලා කළේ පුළුවන් තරම් බදු ගහලා ජනතාව අසීරුතාවකට පත් කරන එක. බදු ගහලා බදු ගහලා දැන් කියනවා භාණ්ඩාගාරයේ ඉතිරිලා කියලා. නමුත් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ගියාම කියනවා මුදල් නැහැ කියලා. මොකක්ද මේ බොරුව ඒක නිසා මේ ආණ්ඩුවට එරෙහිව අද ජනතාව පෙළ ගැසී සිටිනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ලෙස විනාශ කරලා තියෙන්නේ, රටේ බුද්ධාගමට නිසි තැන ලබා දෙන්නේ නැහැ. ඒ වගේම රටේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අඩාල කරලා තියෙන්නේ. පුළුවන් තරම් බොරු කියනවා විපක්ෂය මර්දනය කරන්න උත්සාහ කරනවා. දැන් පේනවා පොලීසියත් එක්ක එකතුවෙලා විපක්ෂය මර්දනය කරන්න හදන එක. නමුත් ඉදිරියේදී මේ සියලු දෙනාටම අපේ රජයක් යටතේ අවශ්‍ය නීතිය ක්‍රියාත්මක වන බවත් මතක තියාගන්න ඕන”

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!