BREAKING NEWS
Search

කොළඹ නගර සභා අයවැයට සහය දුන් මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රිනියහේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි.

772

කොළඹ මහ නගර සභාවේ අය-වැය දෙවැනි වර කියැ­වී­මේදී ඊට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍ර­සයේ මන්ත්‍රී ජොවාරා බුවා­රිගේ පක්ෂ සාමා­ජි­ක­ත්වය වහාම ක්‍රියා­ත්මක වන පරිදි අත්හි­ටුවා ඇත.

පක්ෂ නායක රවුෆ් හකීම් විසින් සිය පක්ෂයේ සාමා­ජි­ක­යන්ට අය-වැයට විරුද්ධ වන ලෙස පෞද්ග­ලි­කව උප­දෙස් දී තිබි­ය­දීත්, ඇය අය-වැය යෝජ­නා­වට පක්ෂව ඡන්දය දුන් බැවින් මෙම පක්ෂ සාමා­ජි­ක­ත්වය අහිමි කිරී­මට මුල්වී ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍ර­සයේ ලේකම් නිසාම් කාරි­ය­ප්පර් විසින් නිකුත් කරන ලද ලිපි­යක සඳ­හන්ය.

ඇයගේ හැසි­රීම “පක්ෂ විනය දැඩි ලෙස උල්ලං­ඝ­නය කිරී­මක්” ලෙස ද එහි සඳ­හන් කර ඇත.
මේ සම්බ­න්ධ­යෙන් නිද­හ­සට කරුණු පැහැ­දිලි කර­මින් සති­යක් ඇතු­ළත දිවු­රුම් ප්‍රකා­ශ­යක් ඉදි­රි­පත් කරන ලෙස එම ලිපි­යෙන් ඇයට දැනුම් දී තිබේ.

 

Source – Dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!