BREAKING NEWS
Search

පොලිස් අණ නොතැකූ වෑන් රථය හඹාගිය පොලිස් නිලධාරීන් දිවි පරදුවට තබා කල මෙහෙයුම ගැන පලමු වරට මාධ්‍යයට කියයි.

2051

වාහන කිහිපයක් අනතුරට ලක්කරමින් පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රියක් හඹා ගොස් නීතියේ රැහැනට හසුකරගත් පොලිස් නිලධාරීන් දෙදෙනා එදින තම අත්දැකීම පොලිස් මාධ්‍ය කොට්ඨාසය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අනාවරණ කළේය.

මෙහිදි එම නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ, පොලිස් නිලධාරියෙකු වරදක් පෙන්වා දුන් විට ඒ පිළිබඳ නිහතමානීව සිතා බලා සහාය ලබා දෙන ලෙසය.

ඉකුත් සෙනසුරාදා පස්වරුවේ වාහන කිහිපයක් අනතුරට ලක්කරමින් ගාලුපාර ඔස්සේ පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රියක් මාර්ගයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් හඹා ගොස් නීතියේ රැහැනට හසුකර ගනු ලැබීය.

එම සිද්ධියට අදාළ හඹායාම එම නිලධාරීන් ජංගම දුරකථනයෙන් රූගත කර තිබූ අතර එය මහත් අවධානයට ලක්වුණි.

කෙසේහෝ හඹා ගොස් රත්මලානේදී අත්අඩංගුවට ගත් මෙම වෑන් රථඛ රියදුරු බීමත්ව සිට ඇති බවත් , ඔහු අපරාධවල සැකකරුවකු බවත් පසුව අනාවරණ කර ගැනුණි.

අදාළ රියදුරු නීතියේ රැහැනට හසුකරගැනීමට සමත් වුණේ බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසයේ බී.ඒ.ඩී.එල්.ජයසේන හා සුමිත් කුමාර් යන පොලිස් කොස්තාපල්වරුන්.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය එම නිලධාරීන් දෙදෙනා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් එදින සිදුවීම පිළිබඳ මෙලෙස කරුණු අනාවරණ කළේය.

ada derana

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!