BREAKING NEWS
Search

මොඩියුලයේ අසභ්‍ය අඩවිය අත්වැරදීමක් වෙන්න බෑ – ජනපතිගේ බෝඩිමේ යාළුවා..!

1885

 

6 වසර පෙළ පොතක අඩංගු වූ වෙබ් අඩවි ලිපිනයක් සම්බන්ධයෙන් මතුව ඇති දැඩි මතභේදාත්මක තත්ත්වය පිළිබඳව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා සිය විවේචනය එල්ල කර තිබේ.
ඔහු පවසන්නේ අදාළ පෙළ පොතේ ක්‍රියාකාරකමක් සඳහා උදාහරණයක් ලෙස ලබා දී ඇති වෙබ් අඩවි නාමය අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කර බැලූ විට, එය පිරිමි සමලිංගික වෙබ් අඩවියක් ලෙස දිස්වන බවයි.

සැලසුම් සහගත වැඩපිළිවෙළක් මෙය හුදු අත්වැරදීමකින් සිදු වූ දෙයක් නොවන බව ජනනායක මහතා අවධාරණය කරයි. “නැෂනල් ජියෝග්‍රැෆික්” වැනි පිළිගත් වෙබ් අඩවියක ලිපිනයක් ඇතුළත් කිරීමට ඕනෑතරම් අවස්ථාව තිබියදී මෙවැනි අඩවියක් තෝරා ගැනීම පිටුපස කිසියම් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වූ සැලසුම් සහගත වැඩපිළිවෙළක් පවතින බවට ඔහු සැක පළ කරයි.

අහු නොවුණොත් සියල්ල සාමාන්‍ය පරිදි සිදුවන බවත්, අහු වුවහොත් එය අත්වැරදීමක් ලෙස හැඳින්වීම සාමාන්‍ය සිරිත වී ඇති බවත් ඔහු පවසයි.

තමන් මීට මාසයකට පමණ පෙර සිට දැනුවත්ව සිටියද, අදාළ වෙබ් අඩවියට ප්‍රසිද්ධියක් ලැබෙන බැවින් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ බව ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, මේ වන විට ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකා මගින් පවා මෙම වෙබ් අඩවියේ නම සහ QR කේත ප්‍රචාරය කිරීම හරහා එම අඩවියට ලංකාව පුරා නොමිලේ විශාල ප්‍රසිද්ධියක් ලැබී ඇති බව ඔහු පෙන්වා දෙයි.

හානිය සිදුවී අවසන් ජනනායක මහතා පවසන්නේ දැන් එම කොටස පෙළ පොතෙන් ඉවත් කළද, අදාළ වෙබ් අඩවිය නිර්මාණය කළ පිරිසගේ අරමුණ දැනටමත් ඉටුවී ඇති බවයි.

තිස්ස ජනනායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සරසවි මිතුරෙක් බව පැවසෙන අතර ඔවුන් දෙදෙනා සරසවි සමයේ එක කාමරයක රැඳී සිටි ජනනාවක මහතා අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබේ.

Source : Lanka C NEWS




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!