BREAKING NEWS
Search

තවත් පුංචි ආණ්ඩු තුනක බලය මාලිමාව අල්ලයි..!

2149

තවත් මහ නගර සභාවක සහ ප්‍රාදේශීය සභා දෙකක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය අද (16) සමත්වුණි.

ඒ අනුව රත්නපුර මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

රත්නපුර මහනගර සභාවේ නගරාධිපති පත්කරගැනීම සඳහා වූ රහස් ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ කේ.ඒ.ඩී.ආර්.අයි. කටුගම්පල මහතා තේරී පත්වූයේ ඡන්ද 14ක් ලබාගනිමිනි.

විපක්ෂයෙන් ඉදිරිපත් කළ නගරාධිපති අපේක්ෂකයාට හිමිව තිබුණේ ඡන්ද 12ක් පමණයි.

එසේම දඹුල්ල හා කල්පිටිය යන ප්‍රදේශිය සභාවලද ජාතික ජන බලවේගය බලය පිහිටුවනු ලැබීය.

මේ අතර දඹුල්ල ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ ඩබ්ලිව්.එම්. තිලකරත්න අද තෙරී පත්වුණි.

ඒ අද පැවති රහස් ඡන්ද විමසීමේදී ඡන්ද 15ක් දිනාගනිමිනි.

විපක්ෂයෙන් අපේක්ෂකයන් දෙදෙනකු ඉදිරිපත් වූ අතර ඉන් පොදුජන එක්සත් පෙරමුණු අපේක්ෂයාට ඡන්ද 6ක් සහ සමගි ජන බලවේග අපේක්ෂකයාට ඡන්ද 5ක් හිමිව තිබුණි.

මේ අතර කල්පිටිය ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ අබ්දුල් සත්තාර් මොහොමදු රික්කාස් අද පත්වුණි.

අද පෙරවරුවේ පැවති රහස් ඡන්ද විමසීමේදී ඔහු ඡන්ද 16ක් දිනාගැනීමට සමත් වූ අතර සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කෙරු මොහොමදු ආසික්ට ලබාගැනීමට හැකිවූයේ ඡන්ද 15ක් පමණය.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!