BREAKING NEWS
Search

Ali Express ස​හ Temu සේවාවල ගැටලුවට හේතුව සමහරුන් එය අවභාවිතා කිරීමයි – මුදල් අමාත්‍යංශ ලේකම්

990

Ali Express හා Temu වැනි සේවාවල දැනට ඇති අර්බුදය මතුව ඇත්තේ, සුළු පිරිසක් විසින් කලින් පැවතුණු ක්‍රමය අවභාවිත කිරීම නිසා බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.

මීට පෙර තම පෞද්ගලික භාවිතය සඳහා භාණ්ඩ ගෙන්වා ගැනීමට ලබා දී තිබුණු අවස්ථාව අවභාවිතා කරමින්, ව්‍යාපාරික අරමුණු සඳහා භාණ්ඩ ගෙන්වීමට සමහර පිරිස් කටයුතු කර ඇති බවත්, ඔවුන් බදු ගෙවීම් ද පැහැර හැර ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.

ලබාදී ඇති සහන අවභාවිතා කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද ලේකම්වරයා ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව, මෙය අවභාවිතා කරන පිරිස් හඳුනාගැනීමට දැනට පවතින ක්‍රමවේදය ක්‍රියාත්මක කර ඇති බවත්, මේ හරහා ලැබෙන දත්ත පදනම් කර ගනිමින් ඉදිරියේදී රේගුවෙන් මේ සඳහා යෝජනාවක් ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *