BREAKING NEWS
Search

ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගත් හේතුව හෙළි වෙයි !

3338

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (06) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

අරගල සමයේදී ගිනි තැබූ සෙවනගල – කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ රජයේ ඉඩමකට අදාළව, වෙනත් පුද්ගලයෙකු හරහා රජයේ වන්දි මුදල් ලබා ගැනීමේ සිදුවීමකට ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත රැගෙන විත් ඇති අතර, මේ වන විට ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවත්, අනතුරුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සඳහන්.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!