BREAKING NEWS
Search

“වෙඩි තැබීම් රැල්ලට හේතුව ආණ්ඩුවේ පාතාලය සහ වෙනත් පාතාල කල්ලි අතර ගැටුමක්..” – නාමල් රාජපක්ෂ

451

රට තුළ මේ වන විට සිදුවන වෙඩි තැබීම් මාලාව, ආණ්ඩුවේ රැකවරණය ලබන අපරාධ කල්ලි සහ අනෙකුත් පාතාල කල්ලි අතර හටගත් ගැටුමක ප්‍රතිඵලයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“දවසේ වෙඩිල්ල” නතර කළ බවට පුරසාරම් දෙඩූ ආණ්ඩුවේ අමාත්‍යවරයා, මේ වන විට රටේ සිදුවන වෙඩි තැබීම් සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද ඔහු පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, “දවසේ වෙඩිල්ල නැවැත්වූයේ ඇමතිවරයා විසින් නම්, මේ වන විට එය නැවත ආරම්භ වී ඇත්තේද එම අමාත්‍යවරයාගේ සහ ආණ්ඩුවේ අවශ්‍යතාවය මත විය යුතු බවයි.

මෙම වෙඩි තැබීම් නතර කළ හැක්කේ ආණ්ඩුවට පමණක් වුවත්, ඔවුන් එය නතර කිරීමට අසමත් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

Source – Asian Mirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!