BREAKING NEWS
Search

විදුලි බිල වැඩි නොකළේ අපි පාරට බහී කියලා බයටයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

1284

 

විදුලි බිල වැඩි කිරීම නතර වූයේ සමගි ජන බලවේගයේ බලපෑම නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය සමඟ පැවැති හමුවේදී ඊයේ (14) පැවැසීය.

ආණ්ඩුව සහ විදුලි බල මණ්ඩලය අයි.එම්.එෆ් උපදෙස් සහ කොන්දේසිවලට අනුව 6.8%කින් විදුලි බිල වැඩි කිරීමට ගිය අවස්ථාවේ පසුගිය දිනවල තමා ඇතුළු සජබය රට වටේ ගොස් විදුලි බිල වැඩි කළොත් මහපාරට බහිනවා යැයි කියු නිසා අද උදේ පාන්දරම ආණ්ඩුවේ විදුලි බිල වැඩි කිරීමේ තීරණය මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කර ඇති බවත් හෙතෙම කීවේය.

ආණ්ඩුවේ අසාධාරණ විදුලිබිල වැඩි කිරීම නතර වූයේ සමගි ජන බලවේගයේ බලපෑම නිසා බවත් මාස 3කට විදුලි බිල වැඩි වීම අත්හිටුවීම පමණක් නොව ඉදිරි දින සති කිහිපය තුළ විදුලි බිල 33%කින් අඩුවිය යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පසුගිය මැතිවරණ වේදිකාවල කියූ ආකාරයට රු. 9000 බිල රු. 6000ත් රු. 3000 බිල රු. 2000 දක්වා 33%කින් අඩුවිය යුතු බවත් එසේ නොකළහොත් මෙරට ජනතාව සමඟ මහපාරට බැස අරගල කරන බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

විපක්ෂයේ කාර්යභාරය වන්නේ තරු පහේ හෝටල්වල සිට සාකච්ඡා කිරීම නොව ජනතාව වෙනුවෙන් සැබෑ වගකීම ඉටු කිරීම බවත් මහජන උපයෝගීතා කොමිසම මේ ගත් තීන්දුව සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *