අපිට දුක හිතුනම අපි අඬනවා, සතුටු හිතුනම හිනාවෙනවා. ඒක අපේ හැඟීම්වල නිදහසනේ. ඒත් මේ ලෝකේ තමන්ගේ හැඟීම් පවා පාලනය කරන්න බැරි රටක් තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?
උතුරු කොරියාවේ 🇰🇵 තත්ත්වය මේ තරම්ම භයානකයි. එහේ පාලකයා වන කිම් ජොන් උන් යම් අවස්ථාවක සංවේදී වෙලා අඬනවා නම්, ඒ අවස්ථාවේ එතන ඉන්න සාමාන්‍ය ජනතාවත් අනිවාර්යයෙන්ම අඬන්න ඕනේ. ඒක තමයි එහේ තියෙන දරුණු ‘පෞරුෂ වන්දනාව’.
ඒ වෙලාවට අඬන්නේ නැතුව හිටියොත් හරි, නායකයා තරම්ම දුකක් පෙන්නුවේ නැත්නම් හරි ඒක ඔහුට කරන බරපතල අගෞරවයක් විදිහට සලකලා දරුණු දඬුවම් ලැබෙනවා.
ඉතින් තමන්ගේ ජීවිතය බේරගන්න මේ අහිංසක මිනිස්සුන්ට හිතේ දුකක් නැති වුණත් බොරුවට හරි මහා හයියෙන් අඬන්න සිද්ධ වෙනවා. තමන්ගේ ඇත්ත හැඟීම් පවා හංගගෙන ජීවත් වෙන මේ මිනිස්සු ගැන ඇත්තටම පව් කියලා හිතෙනවා.







