BREAKING NEWS
Search

දකුණේ මුදලාලිට වී ගෝනියෙන් පෑදුණු ඉල්ලම …

2392

 

මේ කියන්න හදන්නේ ගොවි මහතෙකුට පෑදුණු හිතා ගන්නවත් බැරි වාසනාවක් ගැනයි…

ගාල්ලේ ඈත ගම්මානයක පරණ වලව්වක් තිබුණා.. මෙ වලව්වේ මැණිකේට පරම්පරාවෙන් උරුම වුණු වටිනා මුතු මැණික් , රන් ආභරණ සෙම්බුවක් තිබුණා… ඒකත් රත්තරන්..

ඉතිං හොර හතුරන්ගේ බිය නිසා ඇය මේ රත්තරන් සෙම්බුව වී අටුවේ වී ගෝනියක් අස්සේ හංගලා තිබුණා..

ඇයට දූ දරුවෝ හිටියේ නෑ.. වී ගෝනිය මැද කලු හීනැටි වී කියලා ලියලා තිබ්බේ ගෝනිය අදුර ගන්න පහසු වෙන්නයි…

හදිස්සියේම වලව්වේ මැනිකේ මිය පරලොව ගියා…

නෑයෝ මළගම අහවර කරලා.. අර රන් සෙම්බුව හෙව්වත් හොයා ගන්න බැරි වුණා..
වලව්ව පෙරලලා හෙව්වත් රත්තරන් කලදක්වත් නෙමෙයි හමු වුණේ…

නෑයෝ බැන බැන යන්න ගියා.. අන්තිමට වලව්වේ වැඩට හිටිය ‍රන් මැණිකායි වත්ත බලාගන්න මුරකාරයයි ඉතුරු උනේ…

දවසක් අහල ගමක මුදලාලි කෙනෙක් වලව්වට ආවා.. ඒ කළු හී නැටි වී හොයාගෙන… දුර්ලභ හාලක් නිසා වලව්වේ ඇති කියලා ආරංචියටයි ආවේ…

රන් මැණිකා මේ මුදලාලි අදුනන කෙනෙක්. ඉල්ලුවේ වී හින්දත්… වලව්වේ ඕනි තරම් වී තිබ්බ හින්දත්… කළු හීනැටි වී ගෝනියට සල්ලි දෙන්නම් කිව්ව නිසාත් රන් මැණිකා ඒ වීගෝනිය මුදලාලිට දුන්නා…

වෙච්ච දේ හිතා ගන්න පුළුවන් නේද ?

ගෙදර ගිය මුදලාලිට වී ගෝනිය අස්සේ තිබිලා මිල කරන්න බැරි තරම් වටින නිධානයක් ලැබුණා වගේ… ඇස් අදහා ගන්න බැරි වුණා…

කාලෙකට පස්සේ ඒ ගම් පළාතේම ලස්සෙට කොඩිදාගෙන ඉන්න කෝටිපති මුදලාලි බවට ඒ මුදලාලි පත් වුණා…

කොහොමද පෑදුන වාසනාව…

Source – hiru gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!