BREAKING NEWS
Search

බස් අනතුරින් තුවාල ලැබූ පිරිස රෝහලේ සිට කළ හෙළිදරව්ව..

4151

තලාව, ජයගඟ හංදිය ප්‍රදේශයේදී මගී බස් රථයක් ‍පෙරළීමෙන් සිදුවු රිය අනතුරින් පාසල් සිසුවෙකු මියගොස් තිබේ.

‍පොලීසිය සඳහන් කළේ, මේ වනවිට පුද්ගලයින් 50 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.

තලාව සිට නොච්චියාගම දෙසට ධාවනය වු පෞද්ගලික බස් රථයක් අද (10) දහවල් පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ළමුන් පිරිසක් ඇතුළු පුද්ගලයින් 50ක පමණ පිරිසක් එම බස් රථය තුල සිට ඇති බව සඳහන්ය.

තුවාලකරුවන් මේ වනවිට අනුරාධපුර රෝහල වෙත මාරු කර යවා ඇති අතර, බස් රථය ගමන් කර ඇති ඉතා පටු මාර්ගයේ දී යතුරුපැදියකට ඉඩ ලබාදීමට යෑමෙන් මෙලෙස බසය පෙරළී ගොස් ඇතැයි සිදුවීම ඇසින් දුටුවන් පැවසීය.

කලාප කාර්යාලය මඟින් සංවිධානය කළ සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණයකට සහභාගී වීමට ගිය සිසුන් සහ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් තුවාල ලැබූ පිරිස සිටී.

අනතුර සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!