අකුරේගොඩ සුපිරි වෙළෙඳසැලක රථගාලක් ලේ විලක් කළ ඒ බියකරු ද්විත්ව ඝාතනයේ සුලමුල දැන් එකින් එක හෙළිවෙමින් පවතිනවා.
මෙය හුදෙක් වෙඩි තැබීමක් නොව, මුහුදෙන් එපිට සිටින පාතාල කල්ලි සාමාජිකයන් විසින් ඉතා සූක්ෂ්මව මෙහෙයවූ මාරක කොන්ත්‍රාත්තුවක් බවයි දැන් අනාවරණය වන්නේ.
විමර්ශනවලදී හෙළි වී ඇත්තේ විදේශගතව සිටින කරන්දෙණියේ සුද්දාගේ උපදෙස් මත, මෝදර නිපුන සහ මල්වානේ ටුටූ විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවයි.
මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන පුරුකක් වන “පොල්ගස්ඕවිට ඩිලා” නමැති සැකකරු අද අත්අඩංගුවට පත් වූයේ මේ මාරක සැලසුමේ ගිනිඅවි සැපයූ ප්‍රධානියෙකු ලෙසයි.
එමෙන්ම අද කඩුවෙල අධිකරණයේදී දකින්න ලැබුණේ කිසිවෙකුත් නොවූ විරූ දසුනක්.
ඝාතනයට ලක්වූ සිය වෘත්තීය සගයා වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් ඇතුළු 100ක් පෙනී සිටිද්දී, මිනීමරුවන් වෙනුවෙන් කතා කරන්නට එකම නීතිඥයෙකු හෝ ඉදිරිපත් වූයේ නැහැ.
“වෘත්තීය ගෞරවය” වෙනුවෙන් නීතිඥවරුන් ගත් ඒ තීරණය නිසා මිනීමරුවන් අධිකරණය තුළ අසරණ විය.
වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය බද්දේගම, අගලිය ප්‍රදේශයේ පාළු ස්ථානයක ගිනිතබා තිබියදී සොයාගැනුණා.
අපරාධකරුවන් සාක්ෂි මකා දැමීමට උපරිම උත්සාහයක් ගත්තද, පොලිස් පරීක්ෂණ හමුවේ ඔවුන්ගේ සියලු “සුලමුල” දැන් කොටු වී හමාරයි.
Hiru Gossip







