BREAKING NEWS
Search

සෙවුවන්දි ඇල්ලුවේ නේපාල පොලිසියයි අපේ පොලිසියයි කල මෙහෙයුමකින්…- ඇමති විජේපාල

3561

ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගන්නා ලද්දේ නේපාලයේ දී කළ මෙහෙයුමකදී බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේය.

ඉෂාරා සෙව්වන්දි සමග තවත් පුද්ගලයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය හා නේපාල පොලිසිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේය.

“මීට දවස් 04කට කලින් CID එකයි කොළඹ අපරාධ කොට්ඨාසයයි නේපාලයට ගිහිල්ලා එහේ පොලිසියත් එක්ක කරපු මෙහෙයුමකින් මේ පිරිස අත්අඩංගුවට ගෙන තියෙන්නේ.” අමාත්‍යවරයා පැවසීය.

සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට රටපුරා මෙහෙයුම් සිදුකළ අතර ඇය සැඟව සිටි බව කියන ස්ථාන රැසක් පොලිසිය විසින් පරීක්ෂා කරන ලදී.

එලෙස විමර්ශන කටයුතු සිදුකළ ද ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වූ අතර මාස 08 කට පසුව ඇය නේපාලයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!