ඔයා කවදාවත් හිතලා තියෙනවාද අපි සුපිරි වෙළඳසැලකට ගියාම ගන්න හිතාගෙන ගිය දේට වඩා දේවල් මල්ලට වැටෙන්නේ කොහොමද කියලා? ඒක අහම්බයක් නෙවෙයි, ඒක පිටුපස ලොකු මනෝවිද්‍යාත්මක ක්‍රීඩාවක් තියෙනවා.
සුපිරි වෙළඳසැල් අපේ මොළය සමඟ සෙල්ලම් කරන හැටි
1. පාන් සහ කිරි හැමවිටම පිටුපසින්ම තියෙන්නේ ඇයි?
අපි ගොඩක් වෙලාවට කඩේකට යන්නේ පාන්, කිරි හෝ බිත්තර වැනි අත්‍යවශ්‍ය දෙයක් ගන්න. නමුත් මේවා හැමවිටම තියෙන්නේ කඩේ ඇතුළටම වෙන්න කෙළවරකයි. ඒ ඇයි? ඔයාට ඒ අත්‍යවශ්‍ය දේ ගන්න යන අතරමගදී තවත් අනවශ්‍ය දේවල් සිය ගණනක් පසුකරගෙන යන්න සලස්වන්නයි ඔවුන්ට ඕනෑ කරන්නේ. එතකොට ඔයාට නොදැනීම වෙනත් දේවල් අතට අහුවෙනවා.
2. ඇස් මට්ටමේ තියෙන “මිල අධික” රහස
ඔයා බඩු ගන්නකොට රාක්ක දිහා බැලුවොත්, ඔයාගේ ඇස් කෙළින්ම මට්ටමේ තියෙන්නේ ලාභ බඩු නෙවෙයි, මිල අධික බඩුයි. ලාභ බඩු හැමවිටම තියෙන්නේ ගොඩක් පහළින් හෝ ගොඩක් ඉහළින්. ඒ වගේම පොඩි ළමයින්ට පේන මට්ටමේ ඔවුන් ආස කරන පැණිරස කෑම සහ සෙල්ලම්බඩු අසුරා තිබීමත් ඔවුන්ගේ තවත් උපක්‍රමයක්.
3. ට්‍රොලිය ලොකු වැඩි ඇයි?
අපි අරන් යන ට්‍රොලි එක (Shopping Cart) එක සැහෙන ලොකුයි නේද? අපි ඒකට බඩු දෙක තුනක් දැම්මම ඒක හිස් වගේ පේනවා. එතකොට අපේ මොළයට දැනෙන්නේ “අපි තවම මුකුත් ගත්තේ නැහැ” වගේ හැඟීමක්. මේ නිසා අපි නොදැනුවත්වම තව තවත් බඩු ඒකට පුරවනවා.
4. සෙමින් ඇසෙන සංගීතය
සමහර කඩවල් වල ඉතාම හෙමින්, සැහැල්ලු සංගීතයක් දානවා. ඒ ඔයාව සැහැල්ලු කරලා, හෙමින් බඩු බලන්න පොළඹවන්නයි. ඔයා කඩේ ඇතුළේ වැඩි වෙලාවක් ගත කරනවා කියන්නේ ඔයා වැඩිපුර බඩු ගන්න ඉඩකඩ වැඩියි කියන එකයි.








