තරගයේ නිහඬ වීරයා
පලමු පන්දුවාරයේ ඉදන්ම යක්කු වගේ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අපේ පන්දු යවන්නන්ට කිසිදු සමාවක් නොදී අත දිග හැරලා දැවැන්ත ප්‍රහාරයන් එල්ල කරද්දී,
කොල්ලා ඇවිත් හිසරදයක් වෙච්චි මිච් මාර්ෂ් සහ ට්‍රැවිස් හෙඩ්ගේ කඩුලු දෙක අරන් ශ්‍රී ලංකා කන්ඩායමට තරගයට අවතීර්ණ වෙන්න පොටක් පාදලා දුන්නා.
මුලදී ලකුණු 300ක් වත් ගහන්න බැරි නෑ කියලා හිතපු ලකුණු පුවරුවක් තමයි මේ ලකුණු 181කට අපි නැවැත්තුවේ……
මේ සේරටම පොටක් පාදලා දීපු දුශාන් හේමන්ත අද එයාගේ හොඳම T20I පන්දු යැවීම ක්‍රියාත්මක කරා. පන්දුවාර 4 ට ලකුණු 37ක් දුන්නත් වටිනාම කඩුලු 3ක් දවාගත්තා. කුසල් මෙන්ඩිස් ජෝස් ඉන්ග්ලිස්ගේ ස්ටම්ප් එකත් ගත්තා නම් දුශාන්ගේ නමට කඩුලු 4ක් සටහන් වෙන්න තිබ්බා.
ඕමාන තරගයේ ලකුණු වදිනකොට සමහරු කොල්ලව පුළුවන් තරම් හංවඩු ගැහුවා. හැබැයි කොල්ලා අද තමන්ගේ ටැලන්ට් එක එක තරගයකින් තක්සේරු කරපු හැමෝටම සුපිරි උත්තරයක් දුන්නා..
සමහරවිට අද හේමන්ත හිටියේ නැත්නම් අපිට ඇපත් නැති වෙන්න තිබ්බා…
✍ | Rishie Bro







