BREAKING NEWS
Search

හානිය අවම කර නොගැනීමේ පාපය, වන්දි අනුමත කිරීමේ පිනෙන් වසා ගන්න බැහැ – සංජීව එදිරිමාන්න

181

 

පැවති කාලගුණ තත්ත්වය හමුවේ ජීවිත සහ දේපළ හානිය අවම කර ගැනීමට ආණ්ඩුවට මීට වඩා මැදිහත් වීමක් කළ හැකිව තිබුණු බවට මිනිසුන් ප්‍රශ්න කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

පාස්කු ඛේදවාචකයට අදාළව දඬුවම්වලට සහ දඩ මුදල් වලට ලක්වන්නට සිදු වූයේ තමන්ගේ රාජකාරිය නොකර සිටීමේ චෝදනාව මත බවත්, මේ විපතට අදාළව යම් නොකර සිටීමක් පිළිබඳව තොරතුරු දැන් අනාවරණය වෙමින් ඇති බවයි (08) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ආණ්ඩුව වන්දි අනුමත කිරීම යහපත් ලෙස සිදු කරන අතර, එය ‘ලොකු පිනක්’ බවද, එහෙත් සිදු වූ ජීවිත හානිය අවම කර ගැනීම සඳහා ක්‍රියා නොකිරීමේ පාපය මේ පිනෙන් වසා ගැනීමට නොහැකි බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Source – Esana News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!