BREAKING NEWS
Search

විදුලි බල මණ්ඩලයෙන් බස් නැවතුම්පොලක් ඉදි කරයි…

587

කාසල්රි ජලාශ වේල්ල අසළ නෝර්ටන්බ්‍රිජ් විමළසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරයේ සේවකයන් විසින් අලුතින් ඉදි කරන ලද බස් නැවතුම්පොළ ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමන් ඉලුක්තැන්න මහතා විසින් ජනතා අයිතියට පත් කෙරිණ.

ලෙදන්ටි, ඩන්කන්, ඔස්බොන් සහ කාසල්රි ජනපදයේ පදිංචිකරුවන් හැටන් නගරය වෙත පැමිණිමටත්, කාසල්රි ප්‍රදේශයේ සිට නෝර්ටන්බ්‍රිජ් ලක්ෂපාන ප්‍රදේශයට යෑමට මගී ප්‍රවාහන බස් රථයක් පැමිණෙන තුරු ජලාශ වේල්ල අසළ රැදි සිටීම හේතුවෙන් ලංකා ලක්ෂපාන විදුලි බලාගාර සංකීර්ණයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගේ උපදෙස් පරිදි විමළසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරයේ විදුලි ඉංජිනේරු ආසික් නසාෆ් මහතාගේ අධීක්ෂණය යටතේ එම විදුලි බලාගාරයේ සේවකයන් විසින් මෙම බස් නැවතුම්පොළ ඉදි කර ඇත.

එම බස් නැවතුම්පොළට විදුලි බලය සහ පානිය ජලය ලබා දිමටත්, කාසල්රි ජලාශ වේල්ල නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රදේශයේ පිහිටි විදුලි බලාගාර පිලිබද දළ අවබෝධයක් ලබා දීම සදහා එම බස් නැවතුම්පොලේ තොරතුරු පද්ධතියක්ද සකස් කර ඇත.

රංජිත් රාජපක්ෂ

Source – | lanka C news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!