BREAKING NEWS
Search

තාක්ෂණය පරදා ‘උකුසු ඇස’ දිනූ ලාංකික සන්නාමය

187

 

ඉන්දියාවයි පකිස්තානයයි කියන්නේ ක්‍රිකට් පිටියේ “සදාකාලික සතුරෝ”. මේ දෙගොල්ලෝ මුණගැහෙන මැච් එකක් බලන එක ප්‍රේක්ෂකයන්ට ආතල් එකක් වුණාට, පිටිය මැද ඉන්න විනිසුරුවරුන්ට ඒක හරියට ගිනිකන්දක් උඩ ඉන්නවා වගේ වැඩක්. හැබැයි අද ඒ ගිනිකන්ද මැද හිමකැටයක් වගේ කූල් එකේ හිටපු අපේ කුමාර් ධර්මසේන මුළු ලෝකෙම අවධානය දිනාගත්තා!

ඇයි ධර්මසේන අද ‘විශේෂ ‘ වුණේ?

අද මැච් එකේ තීරණාත්මක අවස්ථාවල ධර්මසේන ලබාදුන් තීරණවලට එරෙහිව කණ්ඩායම් දෙකම DRS (Reviews) වලට ගියා. සාමාන්‍යයෙන් තාක්ෂණය ඉස්සරහා අම්පයර්ලාගේ තීරණ වැරදෙන අවස්ථා ඕනෑතරම් තියෙනවා.

හැබැයි අද දවස ධර්මසේනගේ!

අද තරගයේ ඉන්දියාවයි පකිස්තානයයි ගත්ත සෑම Review එකක්ම අවසානයේ පරාජය වුණේ ධර්මසේනගේ තීරණය නිවැරදි බව තහවුරු කරමින්.

සුපිරි කැමරා 20-30ක් දාලා බලන රිප්ලේ එකෙන් දකින දේ, ධර්මසේන තත්පරයකින් තමන්ගේ පියවි ඇසින් දැක්කා.

ලෝකයේ වැඩිම පීඩනයක් තියෙන මැච් එකක, කිසිම කලබලයක් නැතුව “Unshakable” තීරණ දෙන එක සුපිරි හැකියාවක්. ඒක මම ධර්මසේනගේ උපතින්ම ගෙනා දක්ෂතාවයක්‌ කියලයි මට හැඟෙන්නේ ඔහු ක්‍රිකට් ලෝකයට අභිමානයක්

ක්‍රීඩකයෙක් විදිහට ලෝක කුසලානය දිනලා, පස්සේ ලෝකයේ හොඳම විනිසුරුවරයාට හිමි සම්මානයත් දිනාගත්ත ධර්මසේන, අද පෙන්නුවේ තමන් තාමත් “ලෝකයේ අංක එකේ” විනිසුරුවරයා බවයි.

තාක්ෂණයටත් වැරදෙන්න පුළුවන් වුණත්, ධර්මසේනගේ “උකුසු ඇසට” වරදින්නේ නැති බව අද ඔප්පු වුණා.

“මැෂින් වලටත් වඩා තියුණු අපේ රටේ ධර්මසේන! ජයෙන් ජයවේවා

සටහන සම්පත් දිල්ලිමුණි
Kumar Dharmasena

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!