BREAKING NEWS
Search

ආර්ථිකය යහපත් නිසා කොටස් වෙලදපල කඩාගෙන උඩ යනවා..- මාලිමා මන්ත‍්‍රී

807

‘ආයෝජකයන්ගේ විශ්වාසයේ ඉහළ යාම නිසා කොටස් වෙළඳ පොළ දැන් කරටි කඩාගෙන ඉහළ යනවා’ යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේසිරි බස්නායක මහතා පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

“වැරදි ආර්ථික ක්‍රියා මාර්ග නිසා කඩා වැටුණු රට ක්‍රම ක්‍රමයෙන් ස්ථාවර කිරීමට වත්මන් රජයට හැකි වී තිබෙනවා. නමුත් එමඟින් පමණක් අවදානම අඩු වී ආර්ථිකය වේගයෙන් වර්ධනය වන්නේ නැ. සමාජ දේශපාලන සියලු අංශයන්ගෙන් බිඳ වැටුණු රටක් යථාවත් කිරීමේ වගකීම ජනපති ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජනතාව ලබා දුන්නා. මේ වන විට ගෝලීය තත්වයන්ටද සාර්ථක මුහුණ දීමට ආණ්ඩුවට හැකි වී තිබෙනවා.

ඇමරිකා තීරු බදු ප්‍රතිපත්තිය සමඟ මෙරට අපනයන මුහුණ දුන් අවදානම රාජතාන්ත්‍රික උපාය මාර්ගයකින් මේ වන විට ඉතා යහපත් තැනකට ගෙන ඒමට රජයට හැකි වී තිබෙනවා.

ආර්ථිකය වඩා දියුණු කරමින් ජයග්‍රහණ ලබා ගනිමින් වඩා ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ කරා යොමු වීම ජනතා රජයේ අපේක්ෂාවයි. ලංකා ආර්ථිකය පසුගිය දශකය තුළ දැඩි ආතතියකට මුහුණ දුන්නා. ප්‍රතිපත්තිමය වැරදි තීරණ නිසා මෙන්ම දේශපාලන අවස්ථාවරත්වය නිසා මේ අර්බුද ඇතිවුණා. මේ පිළිබඳ කොපමණ අනතුරු හැඟ වුවත් දේශපාලන නායකත්වයන් ඒ ගැන අවධානය යොමු කළේ නැහැ.

මේ වසරේ පළමු කාර්තුවේදී 4.8ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගන්නට අපට හැකියාව ලැබී තිබෙනවා. ආයෝජකයන්ගේ විශ්වාසයේ ඉහළ යාම නිසා කොටස් වෙළඳ පොළ දැන් කරටි කඩාගෙන ඉහළ යනවා”

Source – lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!