චන්ද්‍රිකා ජනාදිපති වෙන කාලෙ , ලංකාවෙ ෆෑෂන් එකක් තිබුනා යම් ආර්ථික තත්ත්වයක් තියෙන බොහෝ ගෙවල්වල, මෙහෙවර වැඩ කරගන්න ඈත ගමකින් ගෙන්න ගත්ත ළමයෙක් තියාගෙන හිටියා.
මේ දරුවෝ, ආර්ථික වශයෙන් දුර්වල ග්‍රාමීය පවුල්වල හිටිය වයස අවුරුදු 10-18 වයසෙ අය. මේ ඛේදවාචකය ගැන ටෙලි නාට්‍ය පවා ඒ කාලේ ගියා. (මට නම් මතක නෑ)
මේ ට්‍රෙන්ඩ් එක වෙනස් කරන්න, චන්ද්‍රිකා ජනාධිපති උනාම තෝරගත්තේ මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා. ළමාරක්ෂක අධිකාරියේ තිබ්බ, අඩුපාඩු නිවැරදි කරගෙන, System එක සම්පූර්ණයෙන්ම අප්ඩේට් කරේ එතුමා.
චන්ද්‍රිකාගේ බොහොම ළඟ හිටිය, දැන් අපි අතරේ නැති මංගල සමරවීරගේම වචන වලින් කිව්වොත්, ප්‍රොෆෙස හරින්ද්‍රට වඩා සිස්ටම් එකේ උඩින් හිටියේ චන්ද්‍රිකා විතරයි. ප්‍රොෆෙස හරීන්ද්‍රව ඕවරූල් කරන්න පුළුවන් ඇමැති කෙනෙක්වත් හිටියේ නෑ.
අන්න ඒ දීපු, නායකත්වය නිසා ළමා මෙහෙකාරකම කියන එක, අවුරුදු කීපයකින් නැත්තටම නැතිකරා. 98-99 වෙනකොට ළමා මෙහෙකාරකම කියන එපිසෝඩ් එක ලංකාවේ ඉවරෙටම ඉවරයි.
ඊට අමතරව අනේ නීති ඤෑ, ඤෑ කියකිය අඬන්නෙ නැතුව, බාල වයස්කාර විවාහ, ළමා මෙහෙකාරකම ගැන, දරුවන්ට අනිවාර්ය අධ්‍යාපනය වගේම, පාසල්වල ශාරීරික දඩුවම් සම්බන්ධයෙන් රටේ තිබ්බ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම අලුත් කරා.
අදටත්, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, වැඩිම ඵලදායී වැඩ කොටසක් කරපු නායිකාව චන්ද්‍රිකා තමයි. අපචාරයක් වෙච්ච දරුවෙක්, සියදිවි නසා ගත්තටත් පස්සේ පැමිණිල්ලක් දාලා කොපි අරගෙන මගේ ගාවට එන්න කියන තැනට එනකම් විෂය භාර ඇමතිවරිය පහලට වැටිච්ච රටේ, අර මිනිස්සු ලෑන්ඩ්මාක්.
Respect 💙💙
– චනිත් පේදුරුආරච්චි







