අධිවේගයේ චිත්තවේගය
ජනාධිපති හිටපු මාධ්‍ය අධ්‍යක්ෂකවරෙයෙක් සහ සහෘද මාධ්‍යයෙක් වෙන චමින්ද සිරිමල්වත්ත විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇති වැදගත් සටහනම් පහතින් පළවෙයි.
“මා ඊයේ දිනයේ බද්දේගම පිවිසුමෙන් ඇතුල්වි කොළඹ දෙසට රියපදවාගෙන එන විට ලැබු අත්දැකීම මෙලෙස සදහන් කරමී
එහි උපරිම වේගය 100kmph වුවද ගමන්කල බොහෝවාහන පවත්වාගෙන ආ වේගය 80kmph අඩුබව කිවයුතුය
මන්ද මා Cruise Control ක්‍රියාකරවමින් 98 kmph වේගයක් පවත්වාගෙන එක දිගටම රථය ධාවනය ආරම්බකරමින් අතුරුගිරිය හුවමාරුව දක්වා පමිණියෙමි
මා එම දුර එනවිට පසුකල වාහන සංඛ්‍යාව 100 ඉක්මවනබව කිවයුතුමය
මා ඔවුන් පසුකල පසු තවතවත් මගේ රථයත් අතර සැලකිය යුතු දුරකින් ඈත්ව පසුපසින් ධාවනය වූ බව මම දුටිමි
දැන්තමයි මගේ කතාව පටන් ගන්නේ
⚠️ බිලියන ගනනක් වියදම්කර සැදූ අධිවේග මාර්ගයේ ධාවනය පිලිබද 99% දෙනාට අවබෝදයක් නැතිවග ඉතා කණගාටුවෙන් කිවයුතුය
වමෙන් ධාවනය කලයුතුබවත් වාහනයක් ඉස්සර කිරීමේදී පමණක් දකුණු තීරුවට ගෙන නැවත් එම වාහනය පසුකලපසු වම් තීරුවට ගෙන නැවත ඉදිරියට වාහනය කලයුතුබව ඒ කිසිවෙකු දන්නේ නැත
අධිවේගය සදා ඇත්තේ මිනිසුන්ගේ වටිනා කාලය ඉතුරුකිරීමට මිස මග දෙපස සිරිනරඹමින් 60/70 kmph රියපදවමින් වමට දකුණට මාරුකරමින් අන් අයට බාධාවන ලෙස මන්දගාමී රිය ධාවනයකට නොවන බව සෑම පිවිසුමකදීම ඒ නොදරු රියදුරු මහතුන් දැනුවත් කරන්න
මා 98 kmph වේගයෙන් ධාවනය කරද්දී කොහාමද එපමණ වාහන 100 පමණ පසුකල හැක්කේ නිසැකවම ඔවනුගේ වේගය 80 kmph අඩුබව කිවයුතුමය
මෙන්න මේ අයතමයි මේ අධිවෙගී මාර්ගයේ තැනින්තැන වාහන තදබදය නිර්මානය කරන නිර්මතෘවරුන
දැන් ඇත්තටම 100 kmph වඩා වැඩිවේගයෙන් ධාවනය කලවිට දඩ කොලයක් ලැබෙනබව දන්නාමුත් අඩු වේගයකින් ධාවනය කලවිට දඩ කොල නොලැබුනත් ඔවුන් විසින් මේ කරනා අපරාදය පිගිබද කිසිවෙකු ගණනය කර නැත
අධිවේගී මාර්ගයේ traffic officer වරුනි දෙයියන්ගේ නාමයෙන් මේ පිලිබද අවධානය යොමුකරන්න විධිමත් වැඩපිලිවෙලක් යොදවා මන්දගාමීව ගමන්කරන රියදුරුමහතුන්ට එහි ආනිසංස පහදා දෙන්න high speed යන රිදුරාට මෙන්ම Slow driving යන අයටද දඩ කොලයක් ලියා දෙන්න
ලොව අන්රටවල වේගසීමාව අඩුවෙන් පවත්වාගෙන යෑමවරදක්බව මම දන්නා තරමින් නිවරදිය
දාම්බෝර්ඩ් එකකමෙන් රියධාවනය වන අධිවේගී මාර්ගය මින් ඉදිරියට අපට දක්නට නොලැබේවායැයි ප්‍රාර්ථනා කරමි
(පිටරටක අධිවේගී මාර්ගයක දිනකට 1000 km වැඩි ප්‍රමාණයක් ධාවනය කල අත්දැකීමෙන් අපේ රටේ අධිවේග වේ ඇති ලෙඩේ හදුනාගත්බව කියමී 😢😅)
සර්Mayura Samarakoon ඔබ දන්නෙනම් අදාල රථවාහන පොලිස් නිලධාරි මහතෙකු මා හට සම්බන්ද කරදෙන්න අනතුරු සිදුවී ඇත්තේ වේගයෙන් යන මිනිසා නිසා නොව ඉදිරියෙන් යන මිනිසා අඩු වේගයෙන් ධාවනය කිරෘම බව ඇති විශ්වාසය නිසා
99% ඉතා සෙමින් රිය පැදවීමද? ඔබත් තදබදයේ කොටසක්. අධිවේගී මාර්ගවල, ඔබ අභිබවා නොයන්නේ නම් නිවැරදි මංතීරුව භාවිතා කරන්න.
-චමින්ද සිරිමල්වත්ත







