මේ වගේ අපි නොදත් කතා තව කොයිතරම් නම් ඇතිද..?
ඔවුන්ගේ ජීවිතත් සියල්ලන්ටම රහසේ ඒ පොළොව මත වැළලී ගොස් හමාරයි..
රට තුළ පැවති ආපදා තත්වය නිසා බොහෝ දෙනෙක්ට මේ වන විටත් ජීවිත අහිමි වෙලා. එහි දරාගත නොහැකි ඛේදාන්තය වෙන්නේ ඇතමුන්ට පවුල් පිටින්ම අවසන් හුස්ම හෙළන්නට සිදුව තිබීමයි.
ඔවුන් ගැන සොයන්න, කතා කරන්න, පින් අනුමෝදන් කරන්න හෝ සිටින්නේ කවුද..? මේ කතාව ඇසෙන්නේත් අන්න ඒ වගේ පවුලක් ගැනයි.
තුල්හිරිය සිදුවූ නාය යෑම නිසා ජීවිතයෙන් සමුගත් එකම පවුලේ මවක් පියෙක් සහ දියණියන් තිදෙනා ගැන මේ වන විට සමාජමාධ්‍ය පිටු අතර වැඩි වශයෙන් සංසරණය වෙනවා.
තම නිවස පිහිටි ස්ථානයේදීම ඔවුන්ට මෙවැනි ඉරණමක් අත්වීම ඇත්තටම ගම්වැසියන්ටත් අදහාගන්න බැරි සිදුවීමක් වෙලා.
Source – Hiru Gossip








