තරගාවලිය නොනවත්වා ඉදිරියට… – ගෙදර ආවොත් විනය පරික්ෂණ…
පාකිස්තානයේ ආරක්ෂක තත්වය පිළිබඳ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මතුකල අකමැත්ත පිළිබඳ විමසා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිත කණ්ඩායමක් පාකිස්තානය වෙත ගිය බවත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සාකච්ඡා කර ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය ආරක්ෂාව උපරිමයෙන් ලබාදීමට පියවර ගත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.
තවද යම් ක්‍රීඩකයෙක් සිය අභිමතය පරිදි ලංකාවට පැමිණියහොත් ආදේශක ක්‍රීඩකයන් යොදා තරගාවලිය අඛණ්ඩව පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
එසේ පැමිණෙන ක්‍රීඩකයන්ට තම තීරණයට හේතු දැක්වීම සඳහා පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කර තිබෙනවා.
දෙරට අතර ඉතිරි තරග දෙකෙහි කාලසටහන වෙනස් කර ඇති අතර 13 (අද) පැවැත්වීමට තිබූ තරගය 14දාත් 15 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ තරග 16 වෙනිදා දක්වාත් දිනයකින් වෙනස් කර ඇත…
එසේම ඉතිරි තරග දෙකද රාවල්පින්ඩිහීදීම පැවැත්වීමට නියමිතයි.







