BREAKING NEWS
Search

අයියා එක්ක එන්න ගිය වෑන් අනතුරින් සිදුවූ කේක් නංගී සඳමාලිගේ අකල් මරණය

3389

කටුනායක ගුවන්තොටුපළ වෙත ඊශ්‍රාලයේ සේවය කරන සිය සහෝදරයා රැගෙන ඒම සඳහා ගමන් කරමින් සිටි දක්ෂ කේක් නිර්මාණ ශිල්පිනියක, දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සැප්තැම්බර් 16 වන අඟහරුවාදා අලුයම සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ තවලම, හල්විටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුෂ්පකුමාරි සඳමාලී ගමගේ මෙනෙවියයි.

ඇය ගමන් ගත් වෑන් රථය, කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුව ඇත. රථයේ රියදුරු ලෙස කටයුතු කර තිබුනේ සඳමාලි ලබන දෙසැම්බරයේ විවාහවීමට සිටි පෙම්වතාය.
පොලිසිය පවසන්නේ රියදුරුට නින්දයාම අනතුරට හේතුව බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු වෑන් රථයේ ගමන් කර ඇති අතර, අනතුරින් මියගිය සඳමාලී මහත්මිය හැර අනෙක් සත් දෙනාම තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඊශ්‍රායලයේ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණි තම සහෝදරයාව රැගෙන ඒම සඳහා ඇය මෙසේ ගුවන්තොටුපළ බලා යමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ 9.6 කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.

 

ඕපාත සහ තවලම ප්‍රදේශවල “යමී කේක්” නමින් ව්‍යාපාර දෙකක් පවත්වාගෙන ගිය ඇය, සිය දක්ෂතාව සහ උත්සාහය තුළින් ප්‍රදේශයේ ජනාදරයට පත්ව සිටි චරිතයකි. තවලම විද්‍යාරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වූ ඇය, පස් දෙනෙකුගෙන් යුතු පවුලේ සිව්වැන්නා විය.ශෝචනීය සිදුවීම තවත් සංවේදී කරවන්නේ, මියගිය තරුණිය එළඹෙන දෙසැම්බර් මාසයේදී විවාහ වීමට සූදානමින් සිටීම සහ අනතුරට පත් වෑන් රථය ඇගේ අනාගත සැමියා විසින් පදවාගෙන යනු ලැබීමයි.

මගේ දූ කේක් හදන්න හරිම දක්ෂයි. ඕපා­තයි, තව­ල­මයි කේක් කඩ දෙකක් කර­නවා. එයා­ගෙම මහ­න්සි­යෙන් වාහ­නේ­කුත් ගත්තා. මුළු ඕපා­තම එයාට ආද­රෙයි. කවු­රුත් ඇයට කතා කළේ “යමී කේක් අක්කා, යමී කේක් නංගී කියලා. මගේ දූ මාස දෙක­කින් බඳි­න්නයි හිටියේ” යැයිද සඳ­මා­ලිගේ මව දැඩි ශෝක­යෙන් යුතුව පැව­සු­වාය.

පස් දෙන­කු­ගෙන් යුත් පවුලේ හත­ර­වැ­නියා සඳ­මාලි ගම­ගේය.තාත්තා කවු­රුත් හඳු­නන උඩු­ගම ලංගම ඩිපෝවේ සේවය කළ රංබ­ණ්ඩාය. සඳ­මා­ලිගේ හදිසි මර­ණය ගැන මිය­ගිය තරු­ණි­යගේ ලොකු අම්මා වන අනුරා පති­රණ මහ­ත්මිය පැව­සුවේ,

“අපේ දූ බඳින්න හිටියේ ලබන දෙසැ­ම්බර් මාසේ. ඒ පුතා පැදවූ වාහනේ යද්දී තමයි මේ අන­තුර වුණේ. රස කේක් හදන්න මේ දූ හරිම දක්ෂයි.”

Gossip Lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!