BREAKING NEWS
Search

“අසාධාරණයක් වෙන්න බැහැ මගේ පුතාට.. කවදාහරි මගේ හුස්ම යනකල්ම මං සටන් කරනවා..” සිය පුතුගේ වියෝව ගැන සත්සරගේ මව කී සංවේදී කතාව…

256

ඔහුගේ මව තවමත් හඬා වැටෙමින් ඉල්ලනේ යුක්තිය පමණයි.. ඇය තමන්ගේ දරුවාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් මැරෙන තුරු වුණත් සටන් වදින මවක්..

ඒ ශක්තිවන්ත ගැහැනිය අද අධිකරණයේදී පවා ඉල්ලුවේ යුක්තිය පමණයි..

බදුල්ල මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සත්සර නිමේෂ් නම් තරුණයා වැලිකඩ පොලිස් භාරයේ සිටියදී ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් මතුවුණේ ඒ සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා හේතුවෙන්.. එම තරුණයාගේ අවසන් කටයුතු මේ මස 5 වැනිදා සිදු කෙරුණා..

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය තරුණයාගේ ඥාතීන් විසින් ඉදිරිපත් කළ මෝසමක් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූයේ එවන් පසුබිමකයි..

එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මියගිය තරුණයාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් ඔහුගේ මව සෑහීමකට පත් නොවන බවයි..

ඒ හේතුවෙන් තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මගින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස එම නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා..

සිද්ධියට අදාල විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මියගිය තරුණයාගේ රුධිර සාම්පල් හා ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවයි..

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මියගිය තරුණයාගේ සිරුර ගොඩගෙන විශේඥ වෛවරුන් තිදෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මගින් පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් නැවත පවත්වන ලෙසයි..

අදාළ විමර්ශණ වල ප්‍රගතිය මේ මස 30 වැනිදා අධිකරණයට වර්තා කරන ලෙසද නියෝග කෙරුණා..

මෙම නඩු විභාගය පැවති අවස්ථාවේ අදාළ තරුණයාගේ ඥාතීන් ඇතුළු පිරිසක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරතවුණේ අදාළ මරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලමින්..

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!