BREAKING NEWS
Search

රේගුවෙන් නිදහස් වූ ආනයනික බහාලුම් 323 සහ මිද්දෙණියෙන් හමුවූ බහාලුම් අතර සම්බන්ධයක් නෑ – පොලීසිය

486

 

 

රේගුවෙන් නිදහස් වූ ආනයනික බහාලුම් 323ක් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ විසින් ගෙනවන ලද මිද්දෙණියෙන් හමුවූ අයිස් මත්ද්‍රව්‍ය සිද්ධියට සම්බන්ධ බහාලුම් දෙක අතර කිසිදු සම්බන්ධ නොමැති බව පොලීසිය පවසයි.

(06) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු විසින් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ. වුඩ්ලර් මහතා ඒ බව සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ අදාළ බහාලුම් දෙකේ සඳහන් කර අංක සහ රේගුවෙන් නිදහස් වූ ආනයනික බහාලුම් 323ට අදාළ අංක අතර කිසිදු සමානකමක් නොමැති බවය.

“2025 වසරේ බහාලුම් 323ක් නිදහස් කිරීම ගැන යම් මතයක් සමාජයේ ගියා. නමුත් මේ බහාලුම් දෙක ඊට සම්බන්ධ නැහැ. මොකද ඒ බහාලුම්වල අංක සමග අපි පරික්ෂා කරලා බැලුවා. මොකද හේතුව ඒ බහාලුම් 323 සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරික්ෂණයක් පැවත් වනු ලැබුවා ඒ ඒ අනුගත වුණු අංකවලට පරිභාහිර වෙනත් බහාලුම් දෙකක්. ඒ නිසා ඒ බහාලුම් 323ට මේ බහාලුම් දෙක කිසිදු සබඳතාවක් නැහැ.”

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!