BREAKING NEWS
Search

අනුරගෙන් පසුව විධායක ජනාධිපතිලා තවත් නෑ – යෝජනාව පාර්ලිමේන්තුවට..!

5109

ආණ්ඩුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සූදානම් වන බවට ආරංචි මාර්ගවලින් තොරතුරු ලැබී තිබේ. මෙය මැතිවරණ සමයේදී ජනතාවට දුන් ප්‍රධාන පොරොන්දුවක් විය.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවයි.

එහෙත් මේ වනතුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කිරීමක් හෝ ඊට අදාළ මූලික කටයුතු සිදුවී නොමැත.

එවැනි තත්ත්වයක් යටතේ, ජනාධිපතිවරයා විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ආණ්ඩුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන්නේ නම්, එම යෝජනාව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විපක්ෂය දැනටමත් තීරණය කර ඇති බවද පැවසේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!