BREAKING NEWS
Search

ලබන අවුරුද්දේ ඖෂධ හිඟයක් නැ… – සෞඛ්‍ය බලධාරීන් කියයි !

1289

 

 

ඖෂධ හිඟය පියවීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡාවට භාජනය වී තිබේ.

මීට එක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලදාරීන් කාරක සභාවේදී සඳහන් කර ඇත්තේ පසුගිය වසරවල ඇණවුම් ලබා දීමේ ප්‍රමාදයන් හේතුවෙන් වර්තමාන ඖෂධ හිඟය මතුව ඇති බවය.

කෙසේ නමුත් එළැඹෙන වසර සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් මේ වන විටත් ආරම්භ කර ඇති බැවින් 2026 වසරේදී කිසිදු ඖෂධ හිඟයක් ඇති නොවන බව සෞඛ්‍ය නිලධාරීන් කාරක සභාව හමුවේ අවධාරණය කර තිබේ.

එමෙන්ම මෙම වසර අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධවලින් 80%ත් 90%ත් අතර ප්‍රමාණයක් රට තුළ ලබා ගත හැකි වෙනු ඇතැයිද අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මෙහිදී කාරක සභාව විසින් ඉතා අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය ලබා ගත හැකිදැයි නිලධාරීන්ගෙන් විමසා සිටි අතර එයට ප්‍රතිචාර ලබා දෙමින් අමාත්‍යාංශ නිලධාරීන් විසින් දැනට එවැනි ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නොමැති බව තහවුරු කළේය.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!