කැබිලිත්ත රක්ෂිතයට අයත් ඉඩම් අල්ලා ගැනීමට ඇතැම් මහ පරීමාණ ව්‍යාපාරිකයන් විටින් විට දේශපාලනඥයන් සම්බන්ධ කර ගනිමින් විවිධ කූට උපක්‍රම් යොදමින් සිටින නිසා රක්ෂිතයට මායිම්ව ඇති අක්කර විසිපන්දහසක ඉඩම් කොටස නීත්‍යනුකූල අයුරින් ගොවීන්ට නිදහස් කර දිය යුතු බව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ පැවැසීය.
එම අක්කර විසි පන්දහසේ කොටස හැර කැබිලිත්ත රක්ෂිතයට අයත් කිසිදු ඉඩමක් වේගා කටයුතු හෝ වෙනත් සංවර්ධන අවශ්‍යතා සඳහා මුදාහැරීමට ඉඩ නොදෙන බවද ඔහු අවධාරණය කළේය.
යම් හෙයකින් දේශපාලන සම්බන්ධතා මතහෝ බලපෑම් මත කිසියම් හෝ අයෙක් මෙහි ඉඩම් අත් කර ගැනීමට උත්සාහ දැරුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
දැනටමත් නිදහස් කිරීමට අවසර ඇති අක්කර විසිපන්දහස, මහ පරිමාණ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ සහ ගව පාලනයේ යෙදෙන කිහිපදෙනෙකුගේ භාවිතයට නතුව ඇති බවට හේමන්ත විතානගේ චෝදනා කළේය.
නීත්‍යනුකූල නොවන අයුරින් ඔවුන් රැඳී සිටින එම ඉඩම්වලින් ඔවුන් ඉවත් කොට එම ප්‍රදේශයේ වගා කටයුතු සිදු කරන ගොවීන්ට ඒවා බෙදා දී ඔවුන්ගේ ඉඩම් ගැටලුවට පිළියම් යෙදීමට රජයේ අදාළ නිලධාරීන් වහාම පියවර ගත යුතු යැයිද ඔහු අවධාරණය කළේය.
වගා කිරීමට යැයි පවසමින් කැබිලිත්තරක්ෂිතයෙන් නීති විරෝධී අයුරින් ඉඩම් ඉල්ලන ගොවීන්ට සහාය දක්වන හෝ අනුබල ලබා දෙන ඇතැම් දේශපාලකයන් සමාජයට වැරදි පූර්වාදර්ශයක් පෙන්නුම් කරන බවද හෙතෙම කීය.
ඉකුත් 2012 වසරේදී රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කළ කැබිලිත්තෙන්, පවතින නීති උල්ලංඝනය කරමින් වගා බිම් සඳහා රක්ෂිතය සතු ඉඩම් අක්කර දොළොස් දාහක් පමණ මුදාහරින ලෙස කාලයක් තිස්සේ ගොවීන් කරන ඉල්ලීම අසාධාරණ බවද ඔහු පැවැසීය.
රජය සතු කැලෑ ඉඩම් මේ අයුරින් කූට ලෙස බලයට පත්වන හෝ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල සහායෙන් මංකොල්ලකෑමට උත්සාහ දරන්නේ ගොවීන්ට මුවා වූ මහ පරිර්මාණ ඇතැම් ව්‍යාපාරිකයන් බවද හෙතෙම සඳහන් කළේය.
lanka C news