රිළා ගහනය පාලනය කිරීමේ අරමුණින්, එම සතුන් වන්ධ්‍යාකරණය කර තෝරාගත් ජලාශවල දූපත්වලට මුදා හැරීමට තීරණය කර ඇත.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ සහාය ලබා ගැනීමට නියමිතය.
මෙම යෝජිත වැඩසටහනට අනුව, රිළවුන් වන්ධ්‍යාකරණය කිරීමෙන් පසු, ඔවුන්ගෙන් කොටසක් රන්දෙණිගල ජලාශයේ හෝ වෙනත් සුදුසු ජලාශයක දූපත්වලට මුදා හැරෙනු ඇත.
ඉතිරි සතුන් ඔවුන් ජීවත් වූ ප්‍රදේශවලටම නැවත මුදා හැරීමට සැලසුම් කර ඇත.
තවද, මහනුවර දිස්ත්‍රික්කයේ රිළා ගහනය පිළිබඳව සවිස්තරාත්මක සමීක්ෂණයක් විශ්වවිද්‍යාල සිසුන් යොදා ගනිමින් සිදු කිරීමට ද සැලසුම් කර ඇත.
මෙම සමීක්ෂණය සහ වන්ධ්‍යාකරණ වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මධ්‍යම පළාත් සභාව මගින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට ලබා දෙනු ඇත.
මීට පෙර, මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළද, පශු වෛද්‍යවරුන්ගේ හිඟය සහ මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් එය සාර්ථක වූයේ නැත.
මෙම නව වැඩසටහන එම අභියෝගයන්ට විසඳුම් ලබා දෙමින් වඩාත් විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
lanka c news







