BREAKING NEWS
Search

රිලවු පන්නන්න අලුත් ක‍්‍රමයක් ගෙනේ.. රිලවු දුවන ශබ්ද නගන යන්ත‍්‍ර හදයි..

1353

 

පොල් පර්යේෂණ ආයතනය විසින් වන සතුන් පලවා හැරීම සඳහා ශබ්ද තරංග යොදාගෙන කළ පරීක්ෂණ දැනට අවසාන අදියරට පැමිණ ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනි ආරච්චි මහත්මිය පවසයි.

ඇය කියා සිටියේ, අලි, වඳුරන් සහ රිලවුන් වැනි සතුන් වගාවන්ට කරන හානි වැළැක්වීම සඳහා මෙම ශබ්ද තරංග යන්ත්‍ර සකසා ඇති බවයි.

පර්යේෂණවල ප්‍රතිඵල අනුව මෙම යන්ත්‍ර වන සතුන් පලවා හැරීම සඳහා සාර්ථක බව දැන් නිර්දේශ කළ හැකි මට්ටමක පවතින බවද ඇය සඳහන් කළාය.

මේ අනුව, මෙම යන්ත්‍ර වගාබිම්වල ස්ථාපනය කර එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බැලීමට නියමිතයි.

එම පරීක්ෂණ වට කිහිපයක් සාර්ථකව අවසන් වූ පසු වනජීවී දෙපාර්තමේන්තුව සමඟ එක්ව වගාකරුවන්ට මෙම ශබ්ද තරංග යන්ත්‍ර ලබා දිය හැකි බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!