BREAKING NEWS
Search

රට යන්න කලින් දෙපාරක් හිතන්න – ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වලත් වෙ.ඩි තැබීමක්

2405

 

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වීදියක සිදු වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන බව ද සඳහන් වේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් 60 හැවිරිදි පුද්ගල‍යෙකු අත්අඩංගුවට ගෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ පුද්ගලයා විසින් වෙඩි ප්‍රහාර 100කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කර ඇති අතර පොලිස් වාහන ඇතුළු මාර්ගයේ ගමන් කළ වාහන ද ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරයන් එල්ල කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!