මෙවර ආසියානු කුසලානයේ මූලික වටයේ අපිට ලැබෙන අමාරුම තරගය… ඒ ඇෆ්ගනිස්තානය එක්ක… සුපිරි හතර දෙනාගේ වටයට යනවා නම් මේ තරගයේ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම වැදගත්… ඔව්.. ඇෆ්ගන් අපිත් එක්ක බලද්දී ක්‍රිකට් වලට අලුත්… හැබැයි මේ වෙද්දී ඇෆ්ගන් කන්ඩායම ලබලා තියෙන දියුණුව එක්ක බලද්දී ඇෆ්ගන් කියන්නේ අද ලෝකේ ඕනෑම කන්ඩායමක් පරාජය කරන්න පුලුවන් කන්ඩායමක්… විශේෂයෙන්ම T20 වල…
පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය වෙනකල් ආපු කන්ඩායමක්… ලේසි නැ… හොංකොං තරගයේ ක්‍රීඩා කරා වගේ වැරදි කරලා මේ මැච් එක ගහන්න තියා හිතන්නවත් බැ… අනික UAE තණතීරු කියන්නේ මෙයාලගේ ගෙදර වගේ…
කන්ඩායමේ ඉන්න 11දෙනාම ලොව පුරා ලීග් තරග ක්‍රීඩා කරන T20 ක්‍රිකට් එකේ Specialistලා… Sadiqullah Atal කියන්නේ ඇෆ්ගන්ලා අලුතින් හදන ක්‍රිකට් තරුව… විශේෂයෙන්ම අන්තිමට ක්‍රීඩා කල emerging asia cup එකේ Athal කැපීපෙනෙන දක්ෂතා පෙන්නුවා. දැන් ජාත්‍යන්තර තලයටත් ඇවිත් ඔහු ඒ දක්ෂතා පෙන්නනවා. ගුර්බාස් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ… අවුස්සා ගත්තොත් මැච් එකක් වෙනස් කරලා යන එකෙක්… එතකොට Ibrahim Zadran තමයි එයාලගේ ඇන්කර් රෝල් එක… නබී, ගුල්බඩීන්, ඔමර්සායි, කරීම් ජනට්, රශීඩ් ඛාන් quality Allroundersලා සෙට් එකක්ම ඉන්නවා. මෙයාලගේ ටීම් එක මේ T20 ක්‍රිකට් එකට ගැලපෙන විදිහට නියමෙට බැලන්ස් වෙන්නේ මෙන්න මේ තුන් ඉරියව් ක්‍රීඩකයින් නිසා… නූර්, රශීඩ්, නබී සහ ගසන්ෆර් World Cricket එකේ ලීග් Cricket එකේ නැතුවම බැරි Quality Spin හතරක්ම සෙල්ලම් කරනවා. ඒ අයත් එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙනස් පන්දු යවන්නන්.. ඒ වගේම ෆරූකි.. එයාලගේ ලෙෆ්ට් ආර්ම් පේස් එක… මෙයත් එක්ක ඇෆ්ගන් කන්ඩායම සෑම අංශයකින්ම සමබර වෙනවා. ඉතිං වෙන වෙනම නම් වශයෙන් අරන් බැලුවොත් අපේ කන්ඩායමට වඩා ප්‍රභල නම් රාශියක්ම ඇෆ්ගන්ලට මේ වෙද්දී තියෙනවා. විශේෂයෙන්ම මේ T20 ක්‍රිකට් එකේ ඔවුන් ඒ තැන හදාගෙන තියෙනවා. ඉතිං ලේසි නැ…
Atal, Gurbaz සහ Zardran මේ කඩුලු තුන තීරණාත්මකයි. බොහෝ අවස්ථා වල ඇෆ්ගන් පිතිකරණයේ කොඳු නාරටිය වෙන්නේ මේ තුන්දෙනා… මුල් කඩුලු දෙක තුන ඉක්මනින් දවා ගත්තොත් අපිට ඇෆ්ගන් පිතිකරන බල ඇණිය අඩු ලකුණු සංඛ්‍යාවකට පාලනය කරන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඒ වගේම නබී, ගුල්බඩීන් සහ ඔමර්සායි කියන්නෙත් අපි පරිස්සම් වෙන්න ඕනි ක්‍රීඩකයින්… පිත්තෙන් බැරි නම් පන්දුවෙන් හරි ඒ අය තරගයක් වෙනස් කරන්න පුලුවන්… මෙයාලගෙන් පරිස්සම් වෙන්න වෙනවා.
පිතිකරණයේදී අපිට අමාරුම වැඩේ වෙන්නේ මැද පන්දුවාර වල එන ඇෆ්ගන් ස්පින් ඇටෑක් එක… මෑත කාලයේ අපේ පිතිකරුවන් දඟ පන්දු යවන්නන්ට එරෙහිව වේග පන්දු යවන්නන් එක්ක බලද්දී හොදින් ක්‍රීඩා කරලා නැ.. මේ හේතුව එක්ක ලොකු අභියෝගයක් වෙනවා. ඇෆ්ගනිස්තානය ගොඩාක් තරගවල ආධිපත්‍යය පතුරන්නේ එයාලගේ ස්පින් ඇටෑක් එකෙන්… විශේෂයෙන්ම අපේ මැදපෙල දුර්වලතා එක්ක මේක ලොකු අභියෝගයක් වෙනවා. අනිවාර්යයෙන්ම අපේ මැදපෙල මේ තරගයේදී සාර්ථක වෙන්න වෙනවා. මේ ස්පින් ඇටෑක් එකට වෙන වෙනම දාගෙන යන ප්ලෑන් ඒ විදිහට පිටිය මැද්දට ගියාම ක්‍රියාත්මක කරන එක වැදගත් වෙනවා.
කලින් කිව්වා වගේ අපේ වේග පන්දු යවන්නන්ට පවර්ප්ලේ එකේදී ඇෆ්ගන් මුල් කඩුලු දෙකක්වත් අඩුම ලබාගන්න පුලුවන් නම් මැද පන්දුවාරවල අපිට අපේ ස්පින් එකෙන් ඇෆ්ගන් පිතිකරුවන් පාලනය කරන්න හොද අවස්ථාවක් තියෙනවා. අපේ මැදපෙල වමත් පිතිකරුවන් හුඟාක් ඉන්නවා වගේම තමයි ඇෆ්ගන් මැදපෙල සම්පූර්ණයෙන්ම ඉන්නේ දකුණත් පිතිකරුවන්… එයාලට ඒක වහන්නවත් මැදපෙල වමත් පිතිකරුවෙක් නැ.. ඒක අපිට වාසියක්.. ආරම්භක පිතිකරු Atal හැරෙන්න රශීඩ් ඛාන්ට යනකල් ඉන්නේ දකුණත් පිතිකරුවන්…
ඉතිං අපි හොංකොං තරගයේදී මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරා.. හොංකොං කියන්නේ වැඩිය Mystery Spinnersලට ක්‍රීඩා කරලා තියෙන රටක් නෙමෙයි. එහෙම බැලුවාම හොංකොං තරගයේදී අසාර්ථක වෙලා ඉන්න තීක්ෂණ ක්‍රීඩා කරපු එක ටැක්ටිකල් decision එකක් ලෙස ගන්න පුලුවන්…
ඒක එහෙම නම් අපි ඇෆ්ගන් සංයුතිය එක්ක අපේ සංයුතිය සකස් කරගත යුතුයි. හොංකොං තරගයේදී තීක්ෂණ ක්‍රීඩා කරා වගේම මේ තරගයේදී අපි ටැක්ටිකල් decision එකක් විදිහට දකුණත් පිතිකරුවන් රාශියක් ඉන්න ඇෆ්ගන් පිතිකරන ලැයිස්තුවට ඇටෑක් කරන්න තීක්ෂණට වඩා දකුණත් පිතිකරුවන්ට තර්ජනයක් එල්ල කරන්න පුලුවන් වමත් දඟ පන්දු යවන්නෙක් වෙච්චි දුනිත් වෙල්ලාලගේ ක්‍රිඩා කරන එක වැදගත්…
බලමු මේ තරගයේවත් මොලේ කල්පනා කරලා අපේ කළමණාකාරිත්වය මේ තීරණය ගනීද කියලා… වනිඳු සහ වෙල්ලාලගේ ක්‍රීඩා කරොත් අපිට කමිදුත් වමත් දඟ පන්දු යවන්නෙක් ලෙස යොදා ගන්න පුලුවන් නිසා පන්දුවාර 20න් අඩුම පන්දුවාර 10ක්වත් වමත් දඟ පන්දු යවන්නන්ගෙන් සහ පා දග පන්දු යවන්නාගෙන් කවර් කරගන්න පුලුවන්… මං හිතනවා ඒක ඇෆ්ගන් මැදපෙලට ලොකු තර්ජනයක් වෙයි කියලා… අබුඩාබි තණතීරුව වේග පන්දු යවන්නන්ටත් හොද නිසා අපිට නුවන් තුෂාර, චමීර සහ විශේෂයෙන්ම මැද පන්දුවාරවල දසුන් ශානකව හරියට පාවිච්චි කරොත් වැඩක් ගන්න පුලුවන්…
බංග්ලාදේශ තරගයේදී ඇෆ්ගන් තරගය පැවැත්වෙන මේ අබුඩාබි තණතීරුවේම අපේ වේග පන්දු යවන්නන් discipline පන්දු යැව්වා. ඒ නිසාම අපිට පවර්ප්ලේ එකේ සාර්ථක වෙන්න පුලුවන් වුනා. හැබැයි හොංකොං තරගයට එද්දී ඒ දේ දැක්කේ නැ… මේ තරගයේදී අපේ පන්දු යවන්නන් ගන්න ආරම්භය මුල් කඩුලු දෙක තුන ඉක්මනින් දවා ගන්න එක තරගයේ ලොකු සාධකයක් වෙනවා.
ඒ වගේම වනිඳුගේ පන්දුවාර ටික අපි හරිම වෙලාවේ යොදාගන්න ඕනි. මේකෙදී bowling partnership හරි වැදගත්.. එක පැත්තකින් ලේසියෙන්ම පිතිකරුවන්ට ලකුණු දෙනවා නම් අනිත් පැත්තෙන් වනිඳු ගෙනත් එයාට කඩුලු ගන්න කිව්වට වැඩක් නැ… ඒක නිසා වනිඳු පන්දු යවද්දී අනෙක් අන්තයේ පන්දු යවන්නා ගොඩ නගන පීඩනය වැදගත්… ඉතිං දකුණත් පිතිකරුවන් බහුල මේ Batting Lineup එකට වෙල්ලාලගේ වගේ කෙනෙක් වනිඳුගේ පාට්නර් වුනොත් ඒක අපිට ලොකු වාසියක්…
Batting Lineup එකේ නම් කියන්න වෙනසක් නැ.. වෙන්න ඕනි මේ පිතිකරුවන් සාර්ථක වෙන එක.. දැන් මුල් තරග දෙකේම පැතුම් ඇදලා දුන්නා. මේ තරගයෙත් පැතුම් ගහනකල් බලාගෙන ඉන්න බැ… මෙන්ඩිස් බංග්ලාදේශ තරගාවලියේ මුල් තරගයේ ගහපු ඉනිමෙන් පස්සේ අන්තිම ඉනිම් 7ම ලකුණු අතර නැ.. මෙන්ඩිස් කියන්නේ පහුගිය කාලේ අපිට විස්සයි විස්ස ජයග්‍රහණ අරන් දෙන්න වැඩිපුර දායකත්වයක් දීපු ප්ලෙයර් කෙනෙක්. ඉතිං එයා මේ තරගයේ ලකුණු අතරට ආවොත් ඒක සුපිරි හතර දෙනාගේ වටයට අපිට ලොකු ප්ලස් පොයින්ට් එකක්…
ඒ වගේම middle order එක… තාමත් කන්සිස්ටන් නැ… කමිල්, කුසල් ජනිත් ආයෙමත් හොද ඉනිම් ගහන්න ඕනි. ඒ වගේම ෆේල් වෙලා ඉන්න චරිත් සහ දසුන්ගෙන් හොද සපෝර්ට් එකක් ලැබෙන්න ඕනි. විශේෂයෙන්ම දසුන්ට සහ වනිඳුට දකුණත් පිතිකරුවන් නිසා අපේ මැදපෙල වැඩිපුර වමත් පිතිකරුවන් ඉන්න නිසා පිතිකරන ලැයිස්තුවේ උසස්වීමක් අරන් ඇවිත් ක්‍රීඩා කරන්න ලැබෙයි. ඒ වෙලාවේ වනිඳු කියන්නේ අපිට හොද ඔප්ෂන් එකක්.. වනිඳුට හොදට ස්පින් එකට ක්‍රීඩා කල හැකි පිතිකරුවෙක්… වනිදුට පිතිකරන ලැයිස්තුවේ උසස්වීමක් දීලා ක්‍රීඩා කරනවා නම් දසුන්ගේ පන්දු යැවීමෙන් ලොකුවට ප්‍රයෝජනයක් ගන්නේ නැත්නම් දසුන්ව 11 දෙනා අතරේ තියාගෙන ඉන්න එක පාඩුයි. පිතිකරනයෙන් දසුන්ගේ ලොකු දේකුත් අපිට තාම දැක්කේ නැ… අන්තිම ඉනිම් 20ට දසුන් 30+ ගහලා තියෙන්නේ එක පාරයි. හොඳම දේ දසුන් වෙනුවට චාමික ක්‍රීඩා කරන එක. මොකද චාමිකගෙන් පන්දු යැවීමෙන් අපිට දසුන්ට වඩා දෙයක් ගන්න පුලුවන් වෙයි. අන්තිම SLC T20 League එකේ හිටපු ෆෝම් එකත් එක්ක ඔහු කන්ඩායමට ආවොත් නායකයාට තව bowling option එකක් වැඩි වෙයි. වෙල්ලා සහ චාමික දෙන්නටත් බැට් කරන්න පුලුවන් නිසා නොම්බර 9ට යනකල් Batting එකත් තියෙයි.
කොහොමත් මුල් 3දෙනාගෙන් කෙනෙක් නැත්නම් KJP, චරිත් හෝ කමිඳු මේ තුන්දෙනාගෙන් කෙනෙක් හෝ දෙන්නෙක් අන්තිම වෙනකල් ක්‍රීඩා කිරීම ඩෙත් ඕවර්ස් වලදී වේගයෙන් ලකුණු ලබා ගැනීමට වැදගත්…
මේක අපේ මැදපෙල පිතිකරුවන්ට හොද අවස්ථාවක් සුපිරි හතර දෙනාගේ වටයට යනවා නම් කලින් සාර්ථක වෙලා රට වෙනුවෙන් තමන්ගේ ජොබ් එක හරියට කරන්න. මොකද සුපිරි හතර දෙනාගේ වටයේ මේ මැදපෙල ෆේලියර් එකත් එක්ක හැමදාම පැතුම් මත්තේ යැපිලා තරග දිනන්න වෙන්නේ නැ.. ඒ නිසා අපේ පිතිකරුවන් හැමෝටම මේක හොද අවස්ථාවක්…
කාසිය වාසිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැ.. කාසිය වාසිය දින්නොත් පන්දු යවන එක වාසි… හැබැයි ඇෆ්ගන් ඔපසිශන් එක අනුව අපි මුලින්ම බැට් කරලා හොද ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තොත් ඇෆ්ගන් Batting Lineup එකට එන ප්‍රෙෂර් එක වැඩියි. බොහෝ වෙලාවට ඇෆ්ගන් කන්ඩායම අන්තිම කාලේ සාර්ථක වෙලා තියෙන්නේ මුලින්ම පන්දුවට පහර දීලා. ඉතිං ඔවුන් දෙවෙනියට පන්දුවට පහර දෙනවා කියන්නේ එයාලගේ සාර්ථක මුල්පෙලට පීඩනයක් වැටෙනවා. අපි හොද ලකුණු ගණනක් බෝර්ඩ් එකට දා ගත්තොත් ඒ පීඩනය අපිට මුල්පෙල කඩුලු ගන්න පහසු වෙයි. ඇෆ්ගන් ටොප් ඕඩර් එක තමයි එයාලගේ Batting Lineup එකේ මුලික කොඳු නාරටිය. ඒක ගැලෙව්වා කියන්නේ අපිට මේ තරගයේ ඔලුව උස්සන්න ලේසියි. ඒ වගේම අපේ මැදපෙල ලකුණු අතර නැති නිසා එයාලටත් පීඩනයක් නැතුව ලකුණු රැස් කරන්න මුලින්ම පන්දුවට පහර දෙන එක පහසු වෙයි. පෙර තරගයේ කාසිය වාසිය දිනලා බංග්ලාදේශය මුලින්ම බැට් කරෙත් මං හිතනවා ඒ වාසිය ගන්න. අන්තිමට ඒක සාර්ථක වුනා. ඒ අනුව ඇෆ්ගන් තරගයේදී ක්‍රීඩා කල යුතුයි කියලා රිෂී හිතන කන්ඩායම,
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කමිල් මිෂාර
කුසල් ජනිත් පෙරේරා
වනිඳු හසරංග
චරිත් අසලංක ( නායකයා )
කමිඳු මෙන්ඩිස්
චාමික කරුණාරත්න / දසුන් ශානක
දුනිත් වෙල්ලාලගේ
දුෂ්මන්ත චමීර
නුවන් තුෂාර
Ape Rata Editor| Rishie Bro







