BREAKING NEWS
Search

ගුණ හානි නොකර හරියටම කොළකැඳ හදන්නේ මෙහෙමයි

2264

ගුණ නොමැරෙන පරිදී කොළ කැඳ සෑදීමට විශේෂ අවධානය යොමු කල යුතු පොදු කරැණු 15 ක්….

🍂 බත හොඳින් තමිබා බෙරි කර ගත් පසු පොල් කිරි දමා උතුරා එන අවසානයේ සැමවිටම කොළ කැඳ යුෂ එක් කරන්න .
🍂 පිසීමේදී කැඳවල කොළ වර්ණය ඉවත් නොවන සේ පිසීමට වග බලා ගන්න …
🍂 සැමවිටම සහල් සඳහා නිවුඩු සහල් භාවිතයට ගන්න .
🍂 සෙංගමාලය වැනි විශේෂ රෝග අවස්ථා සඳහා කැඳ සාදන්නේ නමි ඊට සුදුසු හීනටි සහල්,නිවුඩු සහල් වෙනුවට යොදා ගන්න.
🍂 කැඳ උතුරා එනවිට ඊට මුං ඇට,කඩල ආදී ධාන්‍ය පිටි වර්ගයක් එක්කර ගැනීමෙන් අමතර ගුණයක් හා රසයක් එක්කර ගත හැකිය.
🍂 බත තැමිබීමට පෙර ඊට රතු ළුෑණු හා ඉඟුරැ එක් කිරීමෙන් ගුණයත්,රසයත්,රැචියත් වර්ධනය වෙි.
🍂 කොළ කැඳ සඳහා සැමවිටම අලුත් පලා කොළ යොදා ගන්න .
🍂 කොළ වංගෙඩියේ කෙටීමෙන් පසු බිලෙන්ඩර් කර ගන්නේ නමි වඩාත් හොඳින් කොළ යුෂ හා ගුණය ලබා ගත හැකිය.
🍂 පොල් කිරි සපයා ගැනීමේදි සැමවිටම අතින් මිරිකා පොල් කිරි ලබා ගන්න.බිලෙන්ඩර් කිරීමේදී පොල්වල ඇති මේදය වැඩි වශයෙන් පැමිණේ.
🍂 පොල්කිරි අවශ්‍ය ප්‍රමාණයට එක්කර ගන්න.අනවශ්‍ය ප්‍රමාණයට පොල් කිරි එක්කර ගතහොත් මේදය මෙන්ම උකු ගතියද වැඩිවේ
🍂 කැඳ නිරතුරුව මොළොක් ස්වභාවයෙන් සාදා ගැනීමට වගබලා ගන්න .එතුළින් දිරවීමට පහසු වී එහි ඇති ඹෟෂධීය ගුණය ක්ෂනිකව ශරීරයට ලැබේ.
🍂 නිවුණු කොළ කැඳ නැවත රත් කර පානය කිරීමෙන් වලකින්න.නැවත නැවත රත් කිරීමෙන් එහි ඇති ඹෟෂධීය ගුණය මැරේ.මඳ උණුසුමෙන් කොළ කැඳ පානය කිරීමට නොහැකි වූයේ නමි නැවත රත් නොකර පානය කිරීමෙහිද වරදක් නැත.නමුත් හැකි සෑම විටම උණුසුමෙන් පානය කිරීමෙන් ශරීරයේ ස්නායු බල ගැන්වේ.
🍂 නිරන්තරයෙන් ලිප මත රත් වෙමින් පැස වෙන වෙළඳ පොළෙහි ඇති කොළ කැඳ කිසිදු ඹෟෂධීය ගුණයක් නැත.
🍂 කොළ කැඳ සාදා ගන්නා සෑම අවස්ථාවකම එය මැටි භාජනයක සාදා ගන්නේ නමි යහපත් ය.
🍂 සෑම විටම කොළ කැඳ හිස් බඩට (උදෑසනින්ම)පානය කිරීමෙන් එහි ඇති ඹෟෂධීය ගුණය ඉතා හොදින් ලබා ගත හැකිය.
🍂 කොළ කැඳ පානය කිරීදි තමන්ට ඇති රෝග පිළිබදව විශේෂයෙන් සැලකිලිමත් වන්න.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!