මීට කලකට පෙර මහින්ද රාජපක්ෂ ජනපති දෙවන පාලන සමයේ 2012 නොවැම්බර් මස මෙරට ප‍්‍රථම අභ්‍යවකාශ චන්ද්‍රිකාව චීනයේදී අහසට යොමු කෙරෙන ක‍්‍රියාවලිය පසුපසින් සිටි බවට ප්‍රචාරය කෙරුණ ජනපති රාජපක්ෂගේ බාල පුතු රෝහිත රාජපක්ෂ ඔහුගේ අජටාකාශ උනන්දුව ගැනත් පවුලේ විස්තර ගැනත් ඉරිදා ලංකාදීප පුවත්පතට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබුණි. එහි කොටසක් පහත පරිදිය.
‘මේ චන්ද්‍රිකාව නම් කරල තියෙන්නෙ සුප‍්‍රීම් සැට් 1 කියල.චීනයේ හා ලංකාවේ සමාගමක් එක්ව තමා සුප‍්‍රීම් සැට් -1 චන්ද්‍රිකාව යවන්නෙ. ලංකාවෙ සමාගම වැඩි මුදලක් දරපු නිසා සුප‍්‍රිම් සැට් කියන නම දැම්මෙ ලංකාව. සැලසුම් සකස් කරේ මම. මේ කාර්යය යට මං හිටියෙ. ලොන්ච් එකට සතියක් තියල ඒ ගැන කියන්න තමයි බලාපොරොත්තු වුනෙ.
අභ්‍යාවකාශ ව්‍යාපෘති බිලියන 18 ක විතර කර්මාන්තයක්. ලංකාවේ එහෙම දෙයකට කෙනෙකුට ඇතුළු වෙන්න අමාරුයි.
චීනයෙන් ගුවන් ගතකරන අභ්‍යවකාශ යානයෙ පරිපාලන ඒකකය පල්ලෙකැලේ දැන් හදාගෙන යනව.2013 ජුනි වෙනකොට ඒකට අපි කොන්ට්‍රෝල් එක ගන්නවා. චීනය පොරොන්දු වෙල තියනව අපේ ඉංජිනේරුවන් කොටස් හැටියට ගෙන්නගෙන පුහුණුව දෙන්න.අපි ඇකඩමියක් පිහිටුවනව. 2015 වෙනකොට චීනෙ සම්බන්ධෙ ඉවරයි. අපටම පුළුවන් විදේශ වලට අභ්‍යවකාශ සේවා සපයන්න. ලංකාවෙ පිහිටීම හොඳ හින්දා ඉදිරියේදී එවැනි කටයුතු වලට හොඳ ඉල්ලූමක් විදේශ විනිමයක් ලැබේවි. මගේ සිහිනයක් වුනේ ලංකාවෙ ප‍්‍රථම අභ්‍යවකාශගාමියා වෙන්න.ඒ වගේම මට 23 ලැබුව විතරයි. ඉදිරියේදී ලෝකෙ ළාබාලම අජටාකාශගාමිය වෙන්නත් මට පුළුවන් වෙනව.’
වෙනස් දේවල් කරන කෙනෙක්ද?
‘පොඩි කාලෙ ඉඳලම අපට කියල දීල තියෙන්නෙ ආගමට සංස්කෘතියට යටත්ව ඉන්න කියල.රාජපක්ෂ පරම්පරාවම ගත්තොත් තනිකරම සංස්කෘතියෙම නිර්මාණයක්. අයියල දෙන්නයි මමයි කවදාවත් මත්පැන්වල රහ බලලවත් නෑ. පොඩි කාලෙ ඉඳලම දහම් පාසල් ගියා. මං නුගේගොඩ ලයිසියම් එකේ බුද්ධාගම ඉගැන්නුවා. ගංගාරාම පන්සලෙත් ඉගැන්නුව. මං හැමදේම මුලින් කරන්න කැමති කෙනෙක්. මං පාසලේ ළාබාලම රගර් කැප්ටන් වුණා. සාමාන්‍ය පෙළ අවසන් කරලා මාස 3 කින් ලන්ඩන් ඒ ලෙවල් මැට්ස් වලින් ඉවර කළා. මං වෙනස් දෙවල් කරන්නත් කැමති කෙනෙක්. බුද්ධාගම විද්‍යාත්මකයි. මං වෙනස්විදිහට ඒක ඉගැන්නුවා.
විනෝදාශ මොනවාද?
ගෙදරදි ටීවී ගෙම් ගහන එක තමා මං විනෝදාංශයට කරන්නෙ.ඒත් ඒකත් විනාඩි දහයයි. එක තැනකට වෙලා මට ඉන්න බෑ.ඊට පස්සෙ එළියට ගිහින් වෙනත් ක‍්‍රීඩාවක් කරනවා. මට ඕනෑ හැම තිස්සෙම ක‍්‍රියාශීලීව ඉන්නයි. යාළුවො ගත්තත් ගන්නෙ ක‍්‍රියාශීලී අයයි. ඒ අය ඇඟ ලස්සණට තියාගන්න කැමති අය නිසා බොන්නෙ එහෙම නෑනෙ. ආවා සෙල්ලම් කළා.
එහෙම තමයි කාලය ගෙවෙන්නෙ.’
පවුලේ අය සමග පවතින සම්බන්ධය?
‘අපි පොදුවේ ගත්තොත් පවුලෙ තියන සම්බන්ධෙ හරිම ලොකුයි. අපි ඔක්කොම උදේ 6 ට ජිම් එකට ගිහින් එතැනදි තමයි කථා කරන්නෙ. නිතරම පවුලත් එක්ක තමා හැසිරෙන්නෙ. රජය ගත්තත් බලන්න පවුලෙ එහෙම සම්බන්ධයක් තියනකොට වැඩ කරන්න ලේසියි. එහෙම නොවුණොත් ඔක්කොම අවුල් වෙනව. අපි මිත‍්‍ර සමාගමක්. තාත්ත හිටියට අයියල හිටියට අපි යාළුවො වගේ තමයි ඉන්නෙ.
තාත්තත් එහෙමයි. තාත්තත් ඇවිත් අපිත් එක්ක සෙල්ලම් කරනවා. එයත් එනව ජිම් එකට. තාත්ත හරි ආසයි තරුණයි කියල පෙන්නන්න. දැන් අපි ජිම් එකේදි ලොකු බරක් එහෙම ඉස්සුවොත් තාත්තටත් ඕනෑ ඒක උස්සන්න. බැරිවුණත් උස්සනවා. අපිත් ඉතින් සපෝට් කරනවා.
මේ දේශපාලන පරිසරය නිසා අපිට ටි‍්‍රප් එකක් එහෙම යන්න බෑ.
ඔක්කොම කරන්නෙ ගෙදරදි තමයි. කනබොන වෙලාවට ගෙදර හිටියෙ එහෙම නැත්නම් ඔක්කොම ඉවරයි. ඒ අපෙ පවුලෙ හැටි.
දැන් අපෙ යාළුවො ඉන්නවනේ. ඒ අයත් නිතර ගෙදර ඉන්නවා. යාළුවන්ට ඉන්න වෙන්නෙත් අපි ඉන්න විදියටමයි. කන වෙලාවට කෑම මේසයෙ විස්සක් විතර තියල පෝලිමේ තමා කන්න වෙන්නෙ. අපි අද බලයේ ඉඳලා හෙට බලයේ නැති වුණොත් අප දාල යන යාළුවො පවුලෙ කියල හිතල වැඩක් නෑනෙ. අපි ඉන්නෙ ඒ විදියට තමයි.’
ගෑනු ළමයි ගැන කතා හැදෙනවද?
‘පොඩි කාලෙ ඉඳලම අපට තිබුණ පරිසරයත් එක්ක හරිම අමාරුයි ජීවත් වෙන්න.ගැහැණු ළමයෙක් එක්ක අඩි දහයක් ඇවිද්දොත් ආ එයා ගර්ල් ෆ්‍රෙන්ඞ් කියල කියනව.අපිට යාළුවො කිව්වම ගැහැණු පිරිමි භේදයකින් තොරවයි ඉන්නෙ. අපේ ගෙදර එන මිතුරන් හැටියට සලකන ගැහැණු පිරිමි ළමයි ටිකක් ඉන්නවා.අපේ දෙමව්පියො ඒගොල්ලන්ගෙන් වෙන් කරල සලකන්නෙ නෑ.’
ඔයාල සල්ලි කාරයොද?
හැමෝම හිතන්නෙ අපට හැම දෙයක්ම තියනව කියල ඒත් ඇත්තටම ගත්තොත් අපට මුකුත් නෑ. අපට කියල ගෙයක් වාහනයක් නෑ. පොඩි කාලෙ ඉඳලම ඉඳල තියෙන්නෙ රජයේ දේපළ වල. රජයේ වාහන තමයි පාවිච්චි කරන්නෙ. එහෙම නැත්තං පොඞ්ඩක් දියං මචං කියල යාළුවෙක්ගෙන් ඉල්ල ගන්නව. කට්ටිය හිතාගෙන ඉන්න රාජපක්ෂ ෆැමිලි එක නෙමේ ඇත්තටම තියෙන්නෙ.
තාත්ත කියන්නෙ කාගෙන්වත් මුකුත් ඉල්ලන්න එපා තමන්ම උපයල ජීවත් වෙන්න කියලයි. ඉතින් මං කරල තියන එකම රස්සාව උගන්වන එක. ඒකත් මුදලට නෙමේ. මට වෙන ආදායම් මාර්ගයක් නෑ. මට ආචාර්ය උපාධියක් ගන්නත් ඕන.
(තොරතුරු උපුටාගැනීම් – ඉරිදා ලංකාදීප -සාකච්ඡාව- ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්)